දේශීය පුවත්

වරාය නගර ආර්ථික කොමිෂන් පනත මඟින් ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට නිගමනය කරන්නැයි ද අදාළ කොමිෂන් පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්නැයි ද ඉල්ලමින් ඉදිරිපත් කොට තිබූ පෙත්සම් සම්බන්ධ තීන්දුව කතානායකවරයාට දැනුම් දෙන බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද (23) දින දැනුම් දුන්නේය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති මෙරට ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් බවද පෙන්වා දෙමින් ඉදිරිපත් කොට තිබු මෙම පෙත්සම් දින 05 ක කාලයක් පුරා විභාගයට ගත් අතර පෙත්සම් විභාගය අවසන් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එලෙස දැනුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අළුවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප‍්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් විභාග කෙරිණි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, එහි ලේකම් නීතීඥ රජීව් අමරසූරිය, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති ජී .කමල් රේණුක පෙරේරා, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, ලෙස්ලි දේවේන්ද්‍ර, ජී.එස්.ශ්‍යාමලී, ශ්‍රී ලංකා පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, රජික කොඩිතුවක්කු, ආචාර්ය අජන්තා පෙරේරා, බන්දුල චන්ද්‍රසේකර, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, නාගානන්ද කොඩිතුවක්කු, රවීනා ගයේන් ද සිල්වා විසින් ගොනු කරන ලද මෙම පෙත්සම් වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කොට ඇත.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් රජයේ පාර්ශවය වෙනුවෙන් අමාත්‍ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ඇතුළු පාර්ශවයන් රැසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කොට තිබුණි.
(ලංකාදීප)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More