පසුගිය දීර්ඝ කාළයක් තිස්සේ මුතුරාජවෙල කලපුව ඇතුළුව හෙක්ටයාර් 6,000ක පමණ ප්‍රදේශය විවිධ ආකාරයේ; පරිසර හානීන්ට, ගොඩ කිරීම් වලට, අපජලය නිකුත්වීම් වලට ලක්වී, කළපුව මිය යන තත්වයට පත්වී දැඩි පරිසරමය විනාශයකට ලක්වී ඇති බැවින් රජය විසින් විශාල අවධානයක් ඒ කෙරෙහි යොමු කර ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතා පවසයි.
නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය එකතුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ අනුව මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කමිටුවක් ඇතිවීමට නියමිත බවත් ඔහු පවසයි.
අවසානයේදී ජාතික වනෝද්‍යානයක් බවට මුතුරාජවෙල පත්කිරීම අරමුණු කරගනිමින් මෙම කටයුතු සිදුවන බව ද ජාසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...