ජාතික සංවිධාන එකමුතුව,අනාගතය අපි තරුණ ව්‍යාපාරය සහ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය එකතුව “ඉස්ලාම් මූලධර්මවාදයේ හෙට දවසේ ගමන් මග” නම් කොළඹදී සංවිධානය කර තිබූ වැඩමුළුවකට සහභාගි වෙමින් අවධාරණය කර සිටියේ ඉස්ලාම් අන්තවාදය වැඩෙන්නේ රාජ්‍යය බලයේ අනුහසින් බවයි. ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියට පරික්ෂකවරු ලෙස බඳවා ගන්නා පිරිසෙන් 80%ක් මුස්ලිම්වරුන් බඳවා ගන්නේත් පොලිසියට නීති කටයුතු සඳහා දෙමළ භාෂාව කථා කරන නීතිඥයන් ලෙස මුස්ලිම් ජාතිකයන් 150ක් පොලිසියේ “ඉන්ස්පෙක්ටර්” තනතුරුවලට බඳවා ගැනීමට උත්සහා කළේත් එහි ප්‍රථිපලයක් ලෙස යැයි පවසා සිටියේය. ඒ අනුව මෙලෙස මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දෙන රිෂාඩ් බදුර්දීන්, හිස්බුල්ලා, හකීම්ලා වැනි අය ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන මහ මොළකරුවන් ලෙස සැලකුවාට වරදක් නැතැයිද ඉදිරියේදී සිදුවන කටයුතු නිවැරැදිව අධ්‍යයනය කිරීමෙන් පසුව සහ හැසිරීම අනුව අලි සබ්‍රි මහතාද මේ කාණ්ඩයට ඇතුලත් වීමට නියමිත බවද පවසා සිටියේය. බහුතර සිංහල සමාජයට මෙන්ම රාජ්‍යය යාන්ත්‍රණයටද ඉස්ලාම් අන්තවාදයේ හැසිරීම නිවැරදිව තේරුම් ගොස් නැති බව පෙනී යන බවද පවසා සිටියේය. මෙම තත්වය හරිහැටි සිංහල බහුතර ජනතාව තෝරා නොගතහොත් අනිවාර්යෙන්ම මැලේසියාව, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය වැනි බෞද්ධ රටවලට සිදුවූ දෙයම සිදුවීමට නියමිත බව අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...