දේශීය පුවත්

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සවුදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවත් සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමටත් ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇතැයි අමාත්‍යවරයා පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර අති අතර ඒ අනුව එම කාන්තාවන් සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට එවීමට ද සෞදි රජය එකඟත්වය පළ කර ඇතැයි අමාත්‍යවරයා පවසා තිබේ.

“ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අනුව එම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට අවසර ලබාදීම පිළිබඳව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ සහ ගුවන්තොටුපල බලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා පවසයි.”

කෙසේවෙතත්, රැඳවුම් භාරයේ සිටින කාන්තාවන් නිදහස් කරගැනීම එරට නීතියට අනුකූලව සිදුකරන්නේ කෙසේදැයි රජය පැහැදිලි කර නැති අතර ශ්‍රී ලංකාවට අදාල කොවිඩ් මර්දන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවන්ට අනුකූලව ඉතා ඉක්මනින් මෙම කතුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, එහි දී ඔවුනට අවශ්‍ය පහසුකම් සලසාදීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව සවුදි අරාබියේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කතුන් 156 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලාංකික කතුන් සෞදි අරාබියේ බන්ධනාගාරගත කිරීමට හේතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පැහැදිලි කර නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More