දේශීය පුවත්

කොවිඩ් වසංගතයට හේතු වන SARS-COV-2 වයිරසය මේ වන විට වාතය මගින් සීග්‍ර ලෙස සම්ප්‍රේෂණය වන බව අධ්‍යයන වාර්තා මගින් සාක්ෂි සහිතව තහවුරු කර ඇත. බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් (Lancet Journal) වෛද්‍ය සඟරාව පසුගියදා මෙම අධ්‍යයන වාර්තා ප්‍රකාශයට පත් කර තිබිණි.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රවීණ පර්‌යේෂකයන් කණ්ඩායමක් අදාළ අධ්‍යයනයන් සිදු කර ඇත. මීට පෙර පසුගිය වසරේ (2020) ජුලි මාසයේ දීද රටවල් 32ක විද්‍යාඥයන් 200කට අධික පිරිසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට විශේෂ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 වයිරසය කුඩා අංශු ලෙස වාතය මගින් සම්ප්‍රේෂණය වී මිනිසුන්ට ආසාදනය විය හැකි බවයි.

මෙම අධ්‍යයන වාර්තාවල උදාහරණ රැසක් පෙන්වා දී ඇති අතර විශේෂයෙන්ම එක්සත් ජනපදයේ “ස්කගිට් කොයාර්” ගායන කණ්ඩායමේ (Skagit Valley Chorale) සිදුවීමේ ආරම්භය සිදුව ඇත්තේ එක් ආසාදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් 53 දෙනකුට ඉතා සීග්‍රයෙන් වයිරසය ව්‍යාප්ත වීමෙන් බව අනාවරණය කර තිබේ. මෙම තත්ත්වය මත ගෘතස්ථ, වාතය සංසරණය වීම අඩු ස්ථානවල වයිරසය පහසුවෙන් ව්‍යාප්ත වන බව තහවුරු කර තිබේ. එම නිසා කැස්ස හෝ කිවිසුම් රෝග ලක්ෂණ නොමැති ආසාදිත පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවත් ලොව පුරා දැන් නැවතත් මහා පරිමාණයෙන් ආසාදිතයන් වාර්තා වීමට මෙම නිහඬ සම්ප්‍රේෂණය ඉවහල් වී ඇති බවත් අනාවරණය වේ.
(මව්රට)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More