උග්‍ර විෂ සහිත රසායනික තෙල් පොහොර ආනයනය හා භාවිතය පිලිබදව නිසි රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම හා ඒවා ගෙන්වනු ලැබූ සමාගම් වලට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම , යල් කන්නයේ රසායනික තෙල් පොහොර යොදාලීම වෙනුවෙන් පස් සාම්පල් පරික්ෂා කිරිමේ නිසි යාන්ත්‍රණයක් සැකසීමට රජය කටයුතු නොකීරිම හේතුවෙන් ගොවියා මුහුණ පා ඇති ගැටලුකාරි තත්ත්වය ද කාබනික පොහොර භාවිතාව ඉහල නංවාලීම වෙනුවෙන් රජයේ නිසි වැඩපිලිවෙළක් ක්‍රියාවට නංවා නොමැතිවීමද ඉතාමත්ම ඛේදනීය තත්වයකි.
* මෙරට ගොවීන්‍ගේ රසායනික තෙල් පොහොර අධිභාවිතාවය වහාම වෙනස් කල යුතුවාසේම රසායනික තෙල් පොහොර ගෙන්වීමේ පුර්ණ ඒකාධිකාරය රජය යටතේ පවත්වාගෙන යාමට කටයුතු කිරිම.
* විශේෂයෙන්ම ආහාර සදහා බලාත්මක වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතීරීති බැවින් ආහාර වල ප්‍රමිතිය පරික්ෂා කිරිම සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් සැකසීම.
*ආනයනික සියලු ආහාර මෙන්ම මිනිස් පරිභෝජනයට ගන්නා ආනයනික භාණ්ඩ වල අහිතකර ද්‍රව්‍ය තිබේදැයි නිසිලෙස පරික්ෂා කිරිමට
* ජාතික ආහාර සුරක්ෂිතතාවය පිලිබදව වූ අණපණත් නීතිරීති කඩිනමින් නීතිගත කිරීම.
වැනි පිළිකා හා දියවැඩියාව වැනි බෝනොවන වසංගත ලෙඩ රෝග සදහා සෘජුවම බලපාන ආහාර වර්ග පිලිබදව විශේෂ ආරක්ෂණවාදි ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරිම සදහා මැදිහත්වීම රජයේ පූර්ණ වගකීමකි.
පහුගිය වසර කිහිපයේ උග්‍ර වසවිස අන්තර්ගත පොහොර මෙට්ට්‍රික් ටොන් 180000ක් මෙරටට ගෙන්වා බෙදාහැර ඇත්තේ ප්‍රමිතිය පිලිබදව වූ සහතික තුන්පාරක් වෙනස් කරමින.
මේ පිලිබදව වහාම පුලුල් පරීක්ෂණයක් රජය විසින් කල යුතු අතර මේ සදහා සම්බන්ධ සියලුදෙනාට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
මේ අකාරයට ඉවක් බවක් නොමැතිව නිසි පාංශු පරික්ෂාවකින් තොරව මෙන්ම උග්‍ර වසවිස අඩංගු තෙල් පොහොර භාවිතාව නිසා අදවනවිට මසකට වකුගඩු රෝගීන් 100 ක්ද අන්ධ දරුවන් 30ක්ද උපදින අතර රටේ ජනගහනයෙන් 39% කට අධි රුධිර පීඩනයෙන්ද 31% දියවැඩියාවෙන්ද සමන්විතයි .
එසේම මේ රටේ සමස්ථ මරණ වලින් 70% පමණ මරණයට පත්වන්නේ බෝ නොවන වසංගත ලෙඩ රෝග වලිනි. වඩාත් ඛේදනීය තත්වයක් වන්නේ සෑම සතියකම පාහේ වයස මාසයකට අඩු බිළිදුන් 30 ක ගේ පමණ ඇස් ඉවත් කිරීමේ ශල්‍යකර්ම කරනු ලබනවා. මේ සියලු ව්‍යවසනයන්ට හේතුව උග්‍ර වස විස සහිත රසායනික තෙල් පොහොර දීර්ඝකාලීන ලෙස අපේ වගාවන්ට පොලොවට යෙදීමේ නරුම විපාක අපේ අනාගත පරපුර අත් විදිනවා.. මෙකී තත්ත්වය සියලු උවදුරු අභිබවාලු ජාතික අනතුරක්. ජාතික ව්‍යවසනයකි. මේ ව්‍යවසනයෙන් සමස්ථ පුරවැසියන්ම ගලවාගෙන නිරෝගිමත් පුරවැසියන් ගොඩනැගීමේ වගකීම රජය සතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...