දේශීය පුවත්

අවම වශයෙන් අවුරුදු පනහක සිට බැලුවද පැහැදිලි ලෙසම දැකිය හැක්කේ ගස් කැපීම, වන සංහාරය ඇතුළු පරිසරයට වන හානිය ක්‍රමානුකූලව වර්ධනය වන ආරෝහන රේඛාවක් බවත් මෙම රේඛාව අවරෝහන රේඛාවක් බවට පත් කිරීමේ දැඩි අභියෝගාත්මක ඉලක්කය ජයගැනීම තම අභිප්‍රාය බවත් පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

මින් පෙර අභියෝග ජයගත් ආකාරයටම මෙම අභියෝගය ද ජයගත හැකිවන බව තම දැඩි විශ්වාසය බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම විනාශයන් කරන කණ්ඩායම් මෙන්ම ඔවුනට අනුබල දෙන දේශපාලකයින්, විවිධ ඉහළ තනතුරු දරන්නන් සහ රාජ්‍ය නිළධාරීන් හඳුනාගෙන ඇති බවත් තරාතිරම නොබලා ඔවුනට එරෙහිව ක්‍රියාකිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ ආශීර්වාදය ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගෙන් තමාට ලැබී ඇති බැවින් මෙම අභියෝගය ජයගැනීමට තමා අදිටන් කරගෙන සිටින බවත් ඔහු අවධාරණය කර සිටී.

ලොව මිහිකත දිනය ලෙස නම් කර ඇති අද දින මෙය යතාර්ථයක්ම වේවායයි ලංකා ලීඩ් නිව්ස් කණ්ඩායම ප්‍රාර්ථනය කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More