තරුණයින් අන්තවාදය සඳහා යොමු කරන පොත් විශාල සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසන අතර එලෙස සොයා ගන්නා ලද පොත් ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ශ්‍රී ලංකාව තුළ පරිශීලනය කරන එවැනි පොත් විශාල සංඛාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
එසේම පාසල් පෙළ පොත්වල සහ ගුරු අත්පොත්වල ඇති අන්තවාදී ඉගැන්වීම් ඇතුළත් කරුණු සොයාගෙන තිබෙන බව ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටි අතර එවැනි සමහර පොත්වල අන්‍යාගමිකයින් විනාශ කරන ලෙසත් පිළිම වන්දනා කරන පිරිස් මරා දමන ලෙසත් සටහන්ව ඇති බව ඔහු මෙහිදී අනාවරණය කළා.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර එවැනි පොත් ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...