රාජ්‍ය බැංකුවකින් ඇරඹුණු කොවිඩ් අනු පොකුරේ ආශ්‍රිතයන්ට අලුත් වයිරසයක් වැලඳී ඇත්තේ කුමන රටකින් ආ වයිරස් කාණ්ඩයකින්දැයි යන්න සෙවීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් අරඹා ඇත. මෙම අනු පොකුර ව්‍යාප්ත වූ ආකාරය හා මූලාරම්භය සම්බන්ධව තවදුරටත් සොයා බැලෙන බව සෞඛ්‍ය ප්‍රධානීහු කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්වික මධ්‍යස්ථානයට දන්වා තිබේ.
රාජ්‍ය බැංකුවක කොළඹ ප්‍රධාන කාර්යාලය වෙතින් සියලුම ශාඛාවල නියෝජිතයන් වෙත අලුත් අවුරුද්දට පෙර ටෙලර් යන්ත්‍රවලට තැන්පත් කිරීමට රුපියල් බිලියන ගණනක් බෙදාහැරීමේ සිද්ධියත් සමග කොවිඩ් ආසාදිතයන්ගේ බැංකු අනු පොකුර වාර්තා විය.
පෙරේදා වන විට එම බැංකු අනු පොකුර නිසා බැංකු කාර්ය මණ්ඩලයේ හැත්තෑ දෙනකු කොග්ගල පිහිටි හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබිණි. මෙම පොකුරට සම්බන්ධ සෙසු ආශ්‍රිතයන් සෙවීමට පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් කිරීමට නියමිත විය.
(මව්රට)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...