දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදීන්ට අරමුදල් සපයන ලොව රටවල් තුනක මේ වනවිට තහනම් කර ඇති කටාර් පුණ්‍ය අරමුදළ (Qatara Charity) නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යයාලය 2018 ජුලි මස විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ව සිට පීත්ත පටිය කපමින් එය විවෘත කොට ඇත්තේ එවකට නිවාස ඇමතිව සිටි වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කරුණු සහිතව අනාවරණය කරමින් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි විසින් පෙන්වා දෙයි.

2017 වසරේදී සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය යන රටවල් මෙම සංවිධානය තහනම් කර තිබූ තත්වයක් යටතේ 2018 වසරේදී ශ්‍රී ලංකාවේ මෙම කාර්යයාලය විවෘත කිරීම එවකට යහපාලන රජය යටතේ සිදුවී ඇති බවද හිමියන් පෙන්වා දෙයි.

2020 සැප්තැම්බර් මස 23වන දින ඩේලි මිරර් පුවත්පත වාර්තාවක් පළකරමින් අත් අඩංගුවේ සිටින හිජාස් හිස්බුල්ලාගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා මෙමගින් අරමුදල් සපයා ඇති බවත් අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අරමුදළ ත්‍රස්තවාදීන්ට අරමුදළ් සපයන ආයතනයක් හැටියට හඳුන්වා දී තිබූ බවත් අනාවරණය කර තිබුණි.

මෙම අරමුදළ හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් යන ත්‍රස්ත සංවිධාන වලට ඩොලර් මිලියන ගණනින් අරමුදළ් සපයා ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති අතර අමරිකා එක්සත් ජනපදයේ අධිකරණය තුළ මෙම අරමුදළ, මස්‍රාෆ් අල් රයාන් බැංකුව සහ කටාර් ජාතික බැංකුව ත්‍රස්තවාදීන්ට අරමුදළ් සපයා ඇති බවට විත්තිකරුවන් කරමින් නඩු පවරා ඇති බවට ද කරුණු අනාවරණය වී තිබේ.

කැබිතිගොල්ලෑවෙන් හමුවූයේ, අනුරාධපුරයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කෝටි ගණනින් හමුවූයේ මෙම මුදල් නොවේදැයි එහිමියන් ප්‍රශ්ණ කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More