ප‍්‍රධාන පුවත්

සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට බිය විය යුතු බවත්, තමා ද ඔහුට ඇත්තේ පුදුම බයක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ මාධ්‍යවේදීන් බිය ගැන්වීම් ඇතුළු බොහෝමයක් අපරාධ සිදු කිරීමට හමුදා බුද්ධිඅංශ හා සෙසු නිලධාරින්ට නියෝග ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවත් එනිසා තමා පුදුමාකාර ලෙස ඔහුට බිය බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එනිසා තමන් ඇතුළු රජයට අත්භූත චෝදනා නැගීම නවතා තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් නිදොස් බව ඔප්පු කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් බොරු පුවත් හා බොරු සංඛ්‍යා ලේඛන පිටුපස තිබෙන සත්‍ය කරුණු පිළිබඳ ජනතාව දැන ගත යුතු බවත් රජය අපහසුතාවයට පත් කිරීමට නොයෙක් කරුණු මාධ්‍ය තුළින් ඉදිරිපත් කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

බොහෝමයක් දේශපාලන අභියෝග යටතේ, ස්වභාවික විපත් යටතේ හා දැඩි නියඟයක් පැවති කාලයක් පසු ගිය වසර තුළ ආර්ථික වශයෙන් සියලු අභියෝග ඉදිරියේ රජය දිනා ගත් ජයග්‍රහණ කිහිපයක් ද ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දරා නොහැකි ජිවන වියදමක් පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා කථා කලත් රාජපක්ෂ ආණ්ඩුව කාලයේ තිබුණු ජීවන වියදමත් අද තියෙන ජීවන වියදමත් අතර විශාල වෙනසක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

2019 වර්ෂයේ දී රජයට රුපියල් බිලියන 4285 ණයක් පියවීමට ඇති බවත් එයින් සියයට 77 ක්ම 2015 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ගත් ණය වන බවත් රුපියල් බිලියන 970 ක් පමණක් වත්මන් ආණ්ඩුවේ ලෙස පියවීමට ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් 2020 දී රුපියල් බිලියන 3768 ක් ණයක් පියවීමට ඇති බවත් එයින් ද සියයට 77 ක්ම රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ගනු ලැබු බවත්, 2021 දී පියවීමට ඇති ණය වන රුපියල් බිලියන 3441න් සියයට 83ක්ම රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ලබා ගත් ණය වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

– adaderana

ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පහතින්

මංගලට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සැර පිළිතුරක්..

Gepostet von ගෝඨාභය රාජපක්ෂ am Dienstag, 22. Mai 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More