පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් එච්.එල්. අනිල් රංජිත් ප්‍රකාශ කර සිටියේ කාර්මික දෝෂයක් හේතුවෙන් හම්බන්තොට වරායට පැමිණි නෞකාවක් තුල විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට සහතික වීම නිසා එම නෞකාව වහාම වරාය පරිශ්‍රයෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බවයි.
නෙදර්ලන්තයේ සිට චීනය බලා ගමන් කරමින් තිබු බහාලුම් ප්‍රවාහන නෞකාවක ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එම නෞකාව අලුත්වැඩියාවට ලක් කිරීමට හම්බන්තොට වරායට ප්‍රවේශ වීම සඳහා මෙරට පිහිටි අදාළ නෞකා සමාගමේ ඒජන්තවරයා විසින් ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ අනුව නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට වරාය අධිකාරිය විසින් අවසර ලබාදී ඇති බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කලේය.
පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් එච්.එල්. අනිල් රංජිත් සඳහන් කලේ එලෙස වරායට ඇතුල්වන නෞකාවේ ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ සහ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කල් තියා දැනුම් දීමක් සිදුකළ යුතුව තිබුනත් අදාළ දේශීය ඒජන්තවරයා විසින් විකිරණශීලි ද්‍රව්‍ය එහි ඇති බවට දැනුම් දීමක් සිදුකර නොමැති වූවත් අදාළ නෞකාවේ විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු බවට හම්බන්තොට වරායේ ප්‍රධාන පාලක නිලධාරිවරයා විසින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව පරමාණුක බලශක්ති නියාමන සභාව වෙත දැනුම් දීමෙන් අනතුරුව වහාම නෞකාව වරායෙන් ඉවත් කර ගැනීමට දැනුම් දුන් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...