අන්තර්ජාලය ඔස්සේ සිදුවන අසත්‍ය සහ නොමඟ යවන සුලු පුවත් හා ප්‍රකාශ පාලනය කිරීම සඳහා නීති පැනවීමට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ගෙන ආ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව අදාළ කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට අවශ්‍ය අවසරය ලැබී ඇත.
එම කැබිනට් යෝජනාවේ දක්වා ඇත්තේ අන්තර්ජාලය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් බරපතල තර්ජනයක් නිර්මාණය වී ඇති බවත් එය සමාජය බෙදීමට, වෛරය පැතිරවීමට සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට යොදාගනු ලබන බව පෙනී ගොස් ඇති බවත් දක්වා තිබේ.
කෙසේවෙතත් දේශපාලන ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් අනතුරු අඟවමින් සිටින්නේ මේ හරහා මාධ්‍යවේදීන් ඇතුළුව ආණ්ඩුවට විරුද්ධව මත දක්වන්නන් මර්දනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක විය හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...