රටේ ජනතාව ගේ බදු මුදලින් වැටුප් ලබන රටේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයෙකු විසින් පුද්ගලික ආරක්ෂක අංශයක් පවත්වා ගෙන යන්නේ නම් ඒ ශ්‍රි ලංකාවේම පමණි. ලෝකයේ අධිකරණය හා නීතිපතිය යනු රටක ඉතාම සුවිශේෂිත වු ආයතන දෙකකි.
ඒ රටේ අධිකරණ විනයේ අත්තිවාරම එයම බැවිනි. ඒත් ශ්‍රි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පටන් පහලම මහේස්ත්‍රාත් අධිකරණය දක්වාම බොහෝ විනිසුරන් අලි හොරු, දුෂිතයන්, එසේත් නැත්නම් දේශපාලන වහළුන් බවට බොහෝ විට චෝදනා එල්ලවනු දක්නට ලැබේ.
එසේම නීතිපති දෙපාර්තමේන්තුවත් අද වනවිට දේශපාලකයන්ගේ අසූචි රෙදි හෝදන ලොන්ඩරියක් බවට පත්ව ඇතැයි පැවසේ. ඊට හිටපු නිතිපතිලාට වඩා දප්පුල වැන්න වුන් විනාශ කොට තිබීම කණගාටුවකි. අපි දන්න පරිදි රටක නීතිපතියක් ඇත්තේ එරට රජයට නීති උපස්දෙස් දීමට විනා රටේ අපරාධකරුවන් වෙනුවෙන් නීති උපදෙස් දීමට නම් නොවේ. ඒත් ලංකාවේ නීතිපතිය ඉතාම සංයමයකින් හා කැපවීමෙන් ද දැඩි පරිශ්‍රමයක් යොදා අපරාධකරුවන් වෙනුවෙන් නීති උපදෙස් දෙන්නේ ටොන් ගානෙනන් පෝලිමේ ගොස්ය
මේවන විට මිලියන ගානක පගාවක් ද චීනය මොහුට ගෙවා ඇති බවත් දැන ගැනීමට ඇත.වසර 05 ක් තිස්සේ යහපාලන කෙරුමන්ලාට මෙවනි පට්ට දුෂිතයන් එලවා දැමීමට නොහැකි වූ නිසාම ජනතාව යහපාලන නඩයට පයින් ගසා එලවා දැමීය .එදා අපි එක හඩින් ඉල්ලු එකම දේ දුෂිතයන් එලවා දමන ලෙසය, ඒත් රාජිතලා, චම්පිකලා , ෆොන්සේකලාට ඒ වුවමනාව තිබුණත් වජිරලා, සාගලලා, රනිල්ලා සිටියේ දුෂිතයන් උන්ගේ අතකොළු වීය. දැන්වත් විපක්ෂය එය තේරුම් ගතයුතුය.
එවැනි එක් අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් වූ සුමති ධර්මවර්ධන මාස කීපයක් තුල 100 වාරයක්ම චීනයට ගොස් ඇත. සුවිස් බැංකුවේ ද ගිනුමක් ඇති අතිරේක සොලිසිටර් ජනරාල් සුමිති ධර්මවර්ධන පෝට් සිටි ව්‍යාපෘතිය ද විශාල කැපවීමක් සිදු කොට චීනයට ලියා දීමට සුදානම් බවට වාර්තාවේ.
(ලංකා දවස)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...