දේශීය පුවත්

ඊයේ දින වන විට වාර්තා වූ පරිදි ප්‍රධාන තෙල් ආනයනයකරුවන් වන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයින් හතර දෙනෙකු බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමා මුණ ගැසීමෙන් පසුව බදු සහන යටතේ පාම් තෙල් ආනයනය සඳහා ඉඩ සැලසීමේ ක්‍රමවේදය සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාට භාර දී ඇත. මේ වන විට එම ආනයනයකරුවන් විසින් ඇනවුම් භාර දී රට තුළට පැමිණෙමින් තිබෙන පාම් තෙල් මෙට්‍රික් ටොන් 8000ක් සඳහා බදු සහන ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බවද වාර්තා වේ. එම තෙල් තොගය මගින් පමණක් බදු සහන හරහා ලබා ගැනීමට අපේක්ෂිත අයුතු ලාභය රුපියල් මිලියන 1600කි. එම ආවරණය සැලසීම සඳහා යෝජිත බල පත්‍ර ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආනයන පාලක විසින් කැඳවූ රැස්වීමට මෙම තෙල් ආනයනයකරුවන්ට හිතවත් නිළධාරින් කඳවා ඇති බවද වාර්තාවේ. ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ පොල් සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් ආනයනයකරුවන්ගේ හිතවත් නිළධාරින් දෙදෙනෙකු සහභාගි වී ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More