දේශීය පුවත්

සහල් මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නය ලබන කන්නය වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන අද (20) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍ය වරයා මීට පෙර එනම් පසුගිය කන්නයේ වී අස්වනු නෙලීමට ආසන්න සමයේ සඳහන් කර තිබුනේ එම කන්නයෙන් පසුව සහල් මිල පාලනය කරන බවය. සහල් මිල පාලනය සඳහා ගැසට් නිවේදනය ගණනාවක් නිකුත් කර තිබිණි. එක් ගැසට් නිවේදනයක් නිකුත් කළ පසුද සහල් මිලය පාලනය කළ නොහැකි වීමේදී වෙළඳ ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණේ මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙන් පසුව පාලන මිලට සහල් ලබාදෙන බවය. එහෙත් පසුගිය අවුරුදු සමයේදී පවා සහල් මිල අධික ලෙස ඉහළ ගොස් තිබිණි.

එවැනි තත්වයක් තුළ වෙළඳ ඇමතිවරයා යළි පවසන්නේ මීලඟ කන්නයේ අස්වනු නෙලීමත් සමග සහල් මිල පාලනය කරන බවය. මේ වනවිට විශේෂයෙන් කීරි සම්බා සහල් මිල කිලෝ එකක් රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබේ. සම්බා සහල් කිලෝවක් රුපියල් 140 දක්වාද රතු කැකුළු රුපියල් 98ක් සුදු කැකුළු රුපියල් 96ක් වශයෙන් පාලන මිලක් නියම කර තිබුණත් එම සහල් වර්ගද ඊට ඉහළ මිලකට වෙළඳපොලේ අලෙවි කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More