මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක්ෂ 28.7ක්) ද වන බව එරට ‘ස්ට්‍රේට්ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය අද (17) වාර්තා කළේය.
දූෂණ චෝදනා ලැබ සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අයත් නිවසක් සහ ඔහුට සම්බන්ධ තවත් ස්ථාන හයක් ඊයේ (17) සහ පෙරේදා (16) දිනවලදී පරීක්ෂාවට ලක්වූ අතර අද (18) ‘තමන් දූතා’ සුඛෝපභෝගී මන්දිරියේ හිටපු අගමැතිවරයාට අයත් නිවාස සංකර්ණයක් පොලිස් පරීක්ෂාවට ලක්විය.
එම මන්දිරයේ තිබී මිල අධික අති සුඛෝපභෝගී අත්බෑග් සහ ඔරලෝසූ බහාලූ පෙට්ටි 284ක් සහ මුදල් බහාලූ බෑග් 72ක් පොලිස් භාරයට පත්විය.
මැලේසියානු පොලිසියේ වාණිජ අපරාධ ඒකකය විසින් මෙම වැටලීම් කරනු ලැබ තිබෙන අතර මැලේසියාවේ මුදල් විශුද්ධිකරණයට එරෙහි පනත, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි සහ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහි පනත යන පනත් යටතේ මෙම වැටලීම් සිදුකළ බව මැලේසියානු පොලිසිය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...