කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයි යෝජනා කරන බව පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය.
“රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. එමෙන්ම රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි”යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය කීවාය.”
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තු පැමිණි ඩයනා ගමගේ මහත්මිය පසුව ආණ්ඩුවට එකතු විය.
(මව්රට)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...