දේශීය පුවත්

සඳුන් ගස් දහසකින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු “සඳුන් උයන” බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල අක්කර 9ක භූමියක ඉදිකෙරෙන අතර එය නුදුරේදීම විවෘත කිරීමට නියමිතය.

සඳුන් ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාකයක් ලෙස සැලකේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ජාතික සඳුන් උයනේ ඉදිකිරීමේ කටයුතු සිදුකෙරේ.

මෙහි ඉදිකිරීම්වලින් සියයට 98ක් මේ වන විට අවසන්ව ඇති අතර මෙම මස අග වනවිට ඉදිකිරීම් කටයුතු නිමකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ජාතික සඳුන් උයන වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියක් බවත් එහි සදුන් ශාකවලට අමතරව විවිධ පැහැයන්ගෙන් යුත් විසිතුරු මල් පැල රැසක් ද මෙහි රෝපණය කර ඇති බවත් එම අධිකාරිය සඳහන් කරයි.

උද්‍යානයට ඇතුළුවන ස්ථානයේ ජල පොකුණු දෙකක් ඉදිකර ඇති අතර ප්‍රවේශ මාර්ගය දෙපස බිත්ති දිය ඇල්ලක් මෙන් නිරන්තරයෙන් ඇද හැලෙන සිහින් ජල ධාරාවලින් යුතු වේ.

වර්ණවත් මල් ගොමු, වතුර මල්, කුඩා පොකුණු 12 ක්, එළිමහන් රංග පීඨයක් ආදී අංගවලින් ද මෙම සඳුන් උයන සමන්විතය.

ජාතික සදුන් උයන ගොඩනැගීම අදියර දෙකක් යටතේ සිදුවන අතර නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙහි පළමු අදියර වෙනුවෙන් රුපියල් කෝටි 13 ක් ද, දෙවන අදියර සදහා රුපියල් කෝටි 16 ක් ද වැයකර ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන බව ද එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

නිදහස, විවේකය, හුදෙකලාව, විනෝදය වෙනුවෙන් නිර්මාණය කෙරෙන මෙහි, ව්‍යායාම කිරීම, විවිධ භාවනා වැඩසටහන් කිරීම ආදිය වෙනුවෙන් ද සුදුසු පරිසරයක් පවතී.

ජාතික සඳුන් උයනට පැමිණෙන්නන්ට ස්වභාවික ආහාර පාන ලබාගැනීමේ අවස්ථාවද හිමිවන අතර එය වාහන 60 ක් නවතාලිය හැකි විවෘත රථගාලකින් ද සමන්විතය.
(ලංකාදීප)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More