ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල හින්දු අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරි කටයුතු ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (19) දින ආරම්භ කළේය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා මැති ඇමතිවරුන් පිරිසක් හා ජනාධිපති කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීය.
තමා බැහැ දැකීමට පැමිණි මැතිඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට නව වසර සඳහා මෙහිදී සුභ පැතුම් එක් කළ ජනාධිපතිවරයා අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සුබවාදී ආකල්පයෙන් හා අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන්නැයි දැනුම් දුන්නේ ය.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජනාධිපති ලේකම්වරයා සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයට ද මෙහිදී සහභාගි වූහ.
(ලංකාදීප)


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...