කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබඳව මේ දිනවල ප්‍රකාශ වන අදහස් ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ බවත්, ආර්ථික ස්ථාවරභාවයෙන් රටක ස්වෛරීභාවය ඇති වන බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.
උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේදී ඊයේ (19) පැවති ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උන් වහන්සේ මෙසේ ද කීහ.
‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබඳව ජාතික විද්වත් භික්ෂු සංසදයේ මතය අප පළ කරනවා. මේ සම්බන්ධව පසුගිය දිනවල විවිධ පර්ශ්ව විවිධ මත පළ කළා. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට ඉදිරිපත් කර තිබෙන පනතක්. මේ පනතෙන් මේ රටේ ස්වාධිපත්‍යයට, ඒකීයභාවයට හානියක් වෙයි කියා අදහසක් පසුගිය දිනවල පළ වුණා. එය ඉතාමත්ම වැරදි සහගත ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ ලෙස අප මුලින්ම සඳහන් කරනවා.
කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේදී ඒ මහතා පැහැදිලි ලෙසම නම් කර තිබෙනවා. මෙය නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය තමන්ගේ ඉඩමක් ලෙස ගැසට් කළ එකක්. ඒ නිසා මෙය චීන කොලනියක් ලෙස නම් කිරීම වැරදියි. මෙහි කොටස් තුනක් තිබෙනවා. ලංකා රජයට, චීනයේ සමාගමට සහ පොදු කොටස පවතිනවා. මේ සියල්ල පාලනය වන්නේ ලංකා රජයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන කොමිසමක් යටතේ.
රටක ඒකීයභාවය, ස්වාධිපත්‍ය, නිවහල්භාවය රැකෙන්නේ ඒ රටේ පොහොසත් මිනිසුන් සිටියොත් පමණයි. රටක මිනිසුන් ආර්ථික වශයෙන් සමෘද්ධිමත්ව සිටියොත් ඒ රටේ මිනිසුන් යටපත් කරන්න බෑ. සිංගප්පූරුව, ඩුබායි දිහා බලන්න. ආර්ථික ස්ථාවරභාවයෙන් ස්වෛරීභාවය ඇති වෙනවා.
මේ පෝට් සිටි ක්‍රියාදාමයට විරුද්ධ කණ්ඩායම් කවුද? ඔවුන් මෙහෙයවන්නේ කවුරුන්ද? කියන එක පිළිබඳවත් සිතන්න ඕනෑ. පසුගිය දිනවල කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය පිළිබඳව ගැටලු ඇති වූ අවස්ථාවේ එය අදානි සමාගමට නොදිය යුතු බවට ජාතික සංවිධාන පැවැසුවා. මේ රටට හානි වන දෙයක් කවුරු කිරීමට හැදුවත් ඒවාට එරෙහිව අප රට වෙනුවෙන් කටයුතු කරනවා. රටේ සංවර්ධනයට හේතු වන ක්‍රියා විරෝධය දක්වා නතර කර ගතහොත් ගැටලු ඇති වෙනවා. ඉදිරියේදී ලෝක බලවතා බවට පත් වන්නේ චීනය. චීනයත් සමඟ අප කරන ගනුදෙනුව ඇතැම් රටවලට ගැටලුවක් වන්න ඇති.
මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පත් කරන්න ගත් තීරණය නිවැරදි තීන්දුවක් ලෙස සලකනවා. මෙරට පුරවැසිභාවය තිබෙන වරාය නගරයේ පුද්ගලයන්ට ජනාධිපතිවරණයට, මහා මැතිවරණයට ඡන්දය දිය හැකියි.’
ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි ද මෙහිදී අදහස් දැක්වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...