දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ලබාගත් අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවට පොල් තෙල් ආනයනය කරන ප්‍රධාන පෙලේ ආනයනයකරුවන් හතර දෙනෙකු ජනාධිපති තුමා බැහැ දැක ඇති බව බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග වලින් පැවසේ. පැයකට අධික කාලයක් තිස්සේ ඔවුන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡා කර ඇති බවද එම වාර්තා තහවුරු කරණු ලබයි. එම අවස්ථාවට සීනි ආනයනය සඳහා බදු සහනය ලබාගත්තේ යැයි පැවසෙන “පිරමිඩ් විල්මා” සමාගමේ මවුසන් සජාන් මහතා, ස්ටාර් එඩිබල් සමාගමේ ඉර්ෂාඩ් මහතා,අලි බ්‍රදර්ස් සමාගමේ අලි මොහොමඩ් මහතා සහ ඒෂියන් රිෆයිනරිස් සමාගමේ රිස්වි මහතා යන අය සහභාගි වී ඇති බව එම ආරංචි මාර්ග මගින් වාර්තා වේ.එහිදී ඔවුන් පාම් තෙල් සඳහා මෙතෙක් ක්‍රියාත්මක බදු අඩු කරණ ලෙස ඉල්ලා ඇති බවද එම ආරංචි මාර්ග තහවුරු කරණු ලබයි. මේ අතර වරාය ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාම් තෙල් මෙට්‍රික් ටොන් 8000ක් පමණ වරාය ආසන්නයටම පැමිණ ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More