එක්තරා මුස්ලිම් දේශපාලන පක්ෂයක නායකයෙක් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී එම පක්ෂයේම කිහිප දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ලබාදීම පිටුපස ඇති රහස කුමක්ද කියා සොයා බැලිය යුතු බව අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඊයේ (19) දින සඳහන් කර සිටියා.
එමෙන්ම හෙට (21) දින උදෑසන 8.45ට විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමට කටයුතු කරණ ලෙස සියලුම කතෝළික පල්ළිවලින් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ ප්‍රකාශ කළේය.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම අමුතු ආකාරයකට සිදුවූ බව කී කාදිනල් හිමියෝ ඊට පක්ෂව මුස්ලිම් නියෝජිතයෝ ඡන්දය ප්‍රකාශ කරන්නේ සංශෝධනය සම්මත කිරීම සඳහා මුස්ලිම් ඡන්ද අවශ්‍ය නැතැයි කී පරිසරයක දී බවත් ඒ මගින් යම් ආකාරයක ඩීල් එකක් ඇති බවට සාධාරණ සැකයක් මතු වන බවත් කියා සිටියහ.
‘‘අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලද හිතා ඉන්නේ’’ යැයි කාදිනල් හිමි මෙහිදී විමසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියෝ;
රිෂාඩ් බදියුදීන්ගේ මල්ලී නිදහස් කළ වෙලාවේ මම මේ ගැන ඇහුවා. ඉන්පස්සේ එහෙම එකක් නැහැ කියලා කිව්වා. නමුත් ඊට දින කීපයකට පස්සේ විසිවැනි සංශෝධනයේ ඡන්දෙදී පැහැදිලි වුණා යම් ආකාරයක අන්‍යෝන්‍ය තේරුම් ගැනීමක් ඇතිව තමයි ඡන්දෙ දැමීම සිදු වුණේ කියලා. පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන මෙවැනි ගනුදෙනු සිදු වුණොත් අපට සාධාරණයක් ඉටු නොවන බව පැහැදිලියි.
ඒ වගේම සහරාන් හෂීම් අත්අඩංගුවට ගතයුතු බව ආරක්ෂක අංශ නිලධාරීන් යෝජනා කළ අවස්ථාවේදී ‘අහක යන නයි මොනවටද රෙද්ද අස්සේ දාගන්නේ’ යැයි එවක ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ බව කොමිෂන් වාර්තාවේ දැක්වෙනවා.
එපමණක් නොවේ ජනාධිපති කොමිසම් වාර්තාවේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු බවට එක නමක් පමණක් නොවේ නම් කීපයක් සඳහන් වෙනවා. මේකට අනුග්‍රහය හා ආධාර අනුබල දුන් සමහර අයගේ නම් පවා තියෙනවා. ඒ අය සම්බන්ධයෙන් මීට වඩා පරික්ෂණ පැවැත්විය යුතු බවට සඳහන් වෙනවා. ඒවා නොකර එක්කෙනෙක් දෙන්නෙක් අල්ලා ඇතුළට දාලා හරියන්නෙ නැහැ. අපිට සීනි බෝල කවලා හරි යන්නෙ නැහැ.
හිටපු ජනාධිපතිවරයා ගැන මම යම් ප්‍රකාශයක් කළේ ඒ වෙලාවේ මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසයි. ඒ අවස්ථාවේ හිටපු අගමැතිවරයා ගැන මගෙන් ඒ මාධ්‍යවේදියා විමසුවේ නැහැ. අගමැතිතුමා ඒ අවස්ථාවේ තීරණාත්මකව කටයුතු කළේ නැහැ කියා කොමිසම් වාර්තාවේ දැක්වෙනවා. ඒ වෙලාවේ මේ දෙන්නා අතර ලොකු විරසක වීමක් සහ අරගල තිබුණා. තව දුරටත් ඒ ගැන සොයා බලන්න කියා වාර්තාවේ තියෙනවා. නමුත් හිටපු ජනාධිපති ගැන කොමිසම් වාර්තාවේ යම් විනිශ්චයක් දීලා තියෙනවා යැයි පැවසූවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...