දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක හමුවට ආණ්ඩුවට සහය පළකරන දේශපාලන පක්ෂ 10ක නියෝජිතයින් සහභාගී නොවීය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, ආණ්ඩුවේ පක්ෂවල එකඟතාවක් ඇති කර ගැනීම සඳහා අද (19) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්විය.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජාතික ක්‍රොංග්‍රසය, ජාතික ජනතා පෙරමුණ, අපේ ජනබල පක්ෂය යන දේශපාලන පක්ෂ සහ යුතුකම ජාතික සංවාදය එම හමුවට එක් නොවීය.

සාකච්ඡාවට සහභාගී නොවීම පිළිබඳ පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළේය.

“පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පත පිළිබඳ අමාත්‍යවරුන් අතර එකඟත්වයක් ඇති කර ගැනීමට නොහැකි වු නිසා ජනාධිපතිතුමා විසින් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවලා, මේ පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීමට කටයුතු කරන මෙන්. ඒ අනුව අගමැතිවරයා දැනුම් දුන්නා 19 වන දා උදෑසන අරලියගහ මන්දිරයට රැස්වෙන්න කියලා. ඊයේ හවස වෙද්දි අපට දැනගන්න ලැබුණා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් වෙනුවට මන්ත්‍රීවරු 51 දෙනෙකු රැස්වීමට ආරාධනා කරලා තිබෙන බව. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු විශාල පිරිසක් මේ සාකච්ජාවට සහභාගිවීමට නියමිත බව. දැවැන්ත මන්ත්‍රී සමුහයක් එකතුවන රැස්වීමක දී හරවත් සංවාදයක් ඇති කර ගැනීම දුෂ්කර නිසාත් අනවශ්‍ය කාලගෝට්ටියක් ඇති වීම වළක්වා ගත යුතු නිසාත් එම රැස්වීමට සහභාගී නොවීමට පක්ෂ 10කයින් තීරණය කළා. අද උදෑසන විමල් වීරවංශ අමාත්‍යවරයා හා වාසු දේව නානායක්කාර හා ටිරාන් අලස් මන්ත්‍රීවරයා අගමැතිවරයා පෞද්ගලිකව මුණගැසී අපි නොපැමිණීමට හේතු දැනුම්දුන්නා. අගමැතිවරයා එම කාරණා පිළිඅරන් වෙනත් දිනයක පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට එකඟතාවය පළ කරා.“

මේ අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක හමුව අද පැවැත්වූයේ එළඹෙන මැයි දිනය සැමරීම පිළිබඳ සාකච්ඡා කිරීමට බවය.

කෙසේවෙතත් එම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහාචාර්ය ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
(දෙරණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More