දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මියගිය පක්ෂ නායකයින් සහ රණවිරුවන් සිහි කිරිමෙන් අනතුරුව එළැඹෙන මැයි පළමු වන දිනට යෙදෙන කම්කරු දිනය සැමරීම පිලිබඳව මෙහි දී සාකච්ඡා විය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිලිබඳව මෙහි දී පක්ෂ නායකයිගේ අවධානය යොමු වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජී. එල්. පීරිස්,දිනේෂ් ගුණවර්ධන මහත්වරු ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් රැසක් සහභාගී වූහ.

කෙසේවෙතත් මෙම පක්ෂ නායක රැස්වීමට විමල් ඇතුලු පිරිස සහභාගී නොවුණු අතර රැස්වීමට පෙර අගමැතිවරයා මුණගැසී වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා අරලිය ගහ මැදුරෙන් පිටව ගොස් තිබිණ.
(මව්රට)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More