පුරවැසි කොලම

වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට ඇතුල් කරල පහුගිය ඊනියා යහපාලන ආණ්ඩුව නිකුත් කරපු ගැසට් නිවේදනයක් තියෙනවා කියල ඒ ආණ්ඩුවෙ හිටපු ඇමති කෙනෙක් කියල. එහෙම ගැසට් නිවේදනයක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. වත්මන් අධිකරණ ඇමති අලි සබ්‍රි කියන්නෙත් ගැසට් නිව්දනයකින් වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට එක් කරල කියල. අලි සබ්‍රි පැත්තකින් තියමු. පහුගිය ආණ්ඩුව කියනව නම් වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට එක් කරල කියල වරාය නගරය රටින් පිට කියල ඒ ආණ්ඩුවෙ හිටපු අයම කියන්නෙ කොහොම ද? සමහර විට කොළඹ දිස්ත්‍රික්කය තියෙන්නෙ රටින් පිට කියල ඒ අය හිතනව ද දන්නෙ නැහැ.

ඒ කොහොම වෙතත් පහුගිය ආණ්ඩුවෙ ඇමතිවරයෙක් කිවුවත් අලි සබ්‍රි කිවුවත් මට මෙහි ප්‍රශ්නයක් තියෙනව. මා ජනාධිපති නීතිඥයකු තබා නීතිඥයකුවත් නොවෙයි. විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු අයකු පමණයි. උගතකු බුද්ධිංමතකු වියතකු නො වෙයි. මා කියන දේ වැරදි වෙන්න පුළුවන්. ජනමාධ්‍යවේදීන් හා වෙනත් විදග්ධයන් මා ගැන කුමක් කිවුවත් මෙය සඳහන් නොකර ම බැහැ.

මා ඊයේත් සඳහන් කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ පස්වැනි ව්‍යවස්ථාව නැත්නම් වගන්තිය හා අදාළ පළමුවැනි උපලේඛනය ගැන. එය නැවතත් කියන්න ඕන. නැවතත් ඒ වගන්තිය හා උපලේඛනය උපුටා දක්වමු.

“5. ශ‍්‍රී ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත‍්‍රික්ක විසිපහෙන් ද ජනරජයේ දේශීය ජල තීරයෙන් ද සමන්විත වන්නේ ය. පරිපාලන දිස්ත‍්‍රික්ක විසිපහෙහි නම් ද පළමුවැනි උපලේඛනයෙහි දැක්වෙන්නේයඃ

එසේ වුව ද, “පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන පරිදි ඒ පරිපාලන දිස්ත‍්‍රික්ක, ඒවාට වෙනස් වූ පරිපාලන දිස්ත‍්‍රික්ක සංයුක්ත වන පරිදි, නැවත බෙදීම හෝ ඒකාබද්ධ කිරීම හෝ කරනු ලැබිය හැක්කේ ය.”

“පළමු වැනි උපලේඛනය”, 5 වැනි ව්‍යවස්ථාව, පරිපාලන දිස්ත‍්‍රික්කවල නම්

1. කොළඹ 2. ගම්පහ 3. කළුතර 4. මහනුවර 5. මාතලේ 6. නුවරඑළිය 7. ගාල්ල 8. මාතර 9. හම්බන්තොට 10. යාපනය 11. කිලිනොච්චිය 12. මන්නාරම 13. වවුනියාව 14. මුලතිව් 15. මඩකලපුව 16. අම්පාර 17. ත‍්‍රිකුණාමලය 18. කුරුණෑගල 19. පුත්තලම 20. අනුරාධපුරය 21. පොළොන්නරුව 22. බදුල්ල 23. මොනරාගල 24. රත්නපුරය 25. කෑගල්ල”

පස්වැනි වගන්තියේ සිංහල තේරුම් ගැනීම ටිකක් අමාරුයි. එහෙත් එයින් කියන්නේ ලංකා දේශය උපලේඛනයේ සඳහන් දිස්ත්‍රික්ක විසිපහෙන් හා ජල තීරයෙන් සමන්විත වන බවත් එහෙත් පාර්ලිමේන්තුවට යෝජනා සම්මතයක් මගින් ඒ දිස්ත්‍රික්ක විසිපහ අඩු වැඩි කර නැවත සකස් කර ගත හැකි ය යන්නත්ය. අවශ්‍ය නම් කොළඹ දිස්ත්‍රික්කයෙන් කොටසක් කඩා කෑගල්ල දිස්ත්‍රික්කයට හරි කළුතර දිස්ත්‍රික්කයට හරි එකතු කරන්න පුළුවන්. මෙහි ගැසට් නිවේදන මගින් අර දිස්ත්‍රික්කවලින් පිට භූමියක් ඒ දිස්ත්‍රික්ක විසිපහෙන් එකකට එකතු කරන්න පුළුවන් කියල නැහැ. එහෙම කිරීම ව්‍යවස්ථා විරෝධීයි. ඒ මට තේරෙන විධියට. කොළඹ වරාය නගරය අර දිස්ත්‍රික්ක විසිපහට අයත් නැහැ. එය ඒ දිස්ත්‍රික්ක විසිපහෙන් එකකට එකතු කරන්න බැහැ. එහෙම එකතු කරල තියෙනව නම් එය ව්‍යවස්ථා විරෝධීයි, අවලංගුයි.

මට තේරෙන විධියට කොළඹ වරාය නගරය තවමත් ලංකාවේ භූමි ප්‍රදේශයක් නො වෙයි. එහෙත් අපට එය ලංකාවේ භූමි ප්‍රදේශයක් කර ගන්න පුළුවන්. ඒ සඳහා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වැනි වගන්තිය සංශෝධනය කිරීමයි. එය පහත සඳහන් ආකාරයට හරි වෙනත් සුදුසු ආකාරයකට හරි සංශෝධනය කළ හැකියි. අවශ්‍ය නම් දිස්ත්‍රික්ක විසිහයක් කර වරාය නගරය වෙන ම පරිපාලන දිස්ත්‍රික්කයක් කළ හැකියි.

ශ‍්‍රී ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත‍්‍රික්ක [විසිපහෙන්ද] කොළඹ වරාය නගරයෙන් ද ජනරජයේ දේශීය ජල තීරයෙන් ද සමන්විත වන්නේ ය. පරිපාලන දිස්ත‍්‍රික්ක [විසිපහෙහි] නම් [පළමුවැනි උපලේඛනයෙහි දැක්වෙන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More