දේශීය පුවත්

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයක් අනුව, පොලිස් නිලධාරීන් යහපත් සහ නිරවුල් මනසකින් තම දෛනික රාජකාරි ඉටු කරලීම වෙනුවෙන් මනස සූදානම් කිරීමේ අරමුණ පෙරදැරිව ඔවුන්ගේ සතිමත්බව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන් මාලාවේ පලමු අදියර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන්, මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මට්චාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අධීක්ෂණයෙන්, කඩුවෙල ඉහළ බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක පූජ්‍ය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපදේශකත්වයෙන්, ඊයේ (18) දින කඩුවෙල සති පාසල මධ්‍යස්ථානයේදී ආරම්භ කර ඇත.

මෙම ආරම්භක වැඩසටහන සඳහා නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයන්හි ආධුනික පොලිස් නිලධාරීන් 200 දෙනෙකු සහභාගී කරගන්නා ලදි.

බස්නාහිර පළාතට අයත් අනෙකුත් සියලුම පොලිස් කොට්ඨාශයන්හි නිලධාරීන් ද සහභාගී කරගනිමින් ඉදිරි දිනවලදී අදියර කිහිපයක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More