පුරවැසි කොලම

දේශපාලන ඉස්ලාම් ආගම හෙවත් ඉස්ලාමීය අන්තවාදය ලොව පුරා මහා පිළිලයක් සේ වැඩෙමින් සමස්ත සමාජ දේහය ක්‍රමයෙන් විනාශයට පත්කරන බව බොහෝ දෙනෙකු දන්නේ නැත. ජාත්‍යන්තර අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරකයදී ඉස්ලාම් අන්තවාදයට එරෙහිව දැඩි පියවර ගත යුතු බවට සමාජ කතිකාවක් ඇති වූවද අන්තවාදයේ මූලයන් සහ එහි ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමාජයට නැත. අද වන විට ඉස්ලාම් අන්තවාදය යනු ලෝකයේ රටවල් තුළ ගැටුම් ඇති කිරීමට සහ ඒ මගින් එම රටවල් දුර්වල කිරීම සඳහා යොදා ගන්නා ප්‍රබල ජාත්‍යන්තර දේශපාලන උපාංගයක් බව ඔප්පු වී ඇත. එම උපාංගය ජාත්‍යන්තරව හැඳින්වෙන්නේ ආපදා ආධිරාජ්‍යවාදය ලෙසය.

ආපදා අධිරාජ්‍යවාදය උපාංගයක් ලෙස යොදාගැනීමේ දී ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවේ පෙරටු සංවිධාන සහ සෞදි අරාබියාවේ අන්තවාදී සංවිධාන එක්ව කටයුතු කරන බව ඔප්පු වී ඇත. විශේෂයෙන්ම මුදල් විසිකරමින් කරනු ලබන මෙහෙයුම් වලට අරමුදල් සැපයීම සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය ආදී රටවල ඉස්ලාම් අන්තවාදී සංවිධාන විසින් සිදුකරන බව ඔප්පු වී ඇත. ශ්‍රී ලංකාවේ මඩකලපුවේ ෂරියා විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සඳහා මුදල් ආධාර ලබාදෙනු ලැබුවේ සෞදි අරාබියේ අන්තවාදී සංවිධානයක් විසින් බව ඔප්පු වී ඇත. ඊට අමතරව උගත් මුස්ලිම් තරුණයින් අන්තවාදයට යොමුකරගන්නා අතර ඔවුන් ආණ්ඩුව තුළ මෙන්ම විපක්ෂය තුළ ද ස්ථානගත කිරීමට මෙම අන්තවාදී සංවිධාන මුදල් යොදවන බව හෙළිදරව් වී ඇත. සිංහල මව්වරුන් වඳ භාවයට පත් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆි නැමැත්තාට ඒ ආකාරයට විදේශීය අරමුදල් වලින් ගෙවීම් සිදු කොට ඇති බවටද චෝදනා ඉදිරිපත් විය.

එසේ මිලදී ගන්නා පුද්ගලයින් “අල්ටකියා” න්‍යාය, එනම් දෙවියන් වහන්සේ වෙනුවෙන් බොරු කීමේ සහ ඇන්දවීමේ න්‍යාය, යොදාගනිමින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ විවිධ බලවේග සහ පාර්ශව තුළ ක්‍රියාත්මක වේ. බෙදුම්වාදය මෙන් නොව ඉස්ලාම් අන්තවාදය වර්ධනය වන්නේ ආණ්ඩු බලය තුළ නියෝජනය වෙමිනි. ඊට අමතරව ආණ්ඩු මාරුවීමේදී එක් පැත්තකින් තව පැත්තකට පැණීම මගින් ද ඔවුහු බල ඉනිමගේ ඉහළට නගිති. රිෂාඩ්, හකීම් වැනි දේශපාලකයින් සෑම ආණ්ඩුවකම ප්‍රබල ඇමතිකම් ලබා ගන්නේ එම උපක්‍රමය යොදා ගනිමිනි. මෙවර මැතිවරණයේදී ඔවුන් දෙපළ විශ්‍රාම ගැන් වුවද ඒ වෙනුවට වෙනත් දියුණු “අල්ටකියා” කාරයින්ට ආණ්ඩුවේ තනතුරු ලබී ඇති බව රහසක් නොවේ.

මධ්‍යස්ථ යැයි පෙන්වන මුස්ලිම් දේශපාලකයින් අන්තවාදී අතලොස්සක් සතුටු කිරීම සඳහා අන්තවාදය පෝෂණය කරන අතර එම ක්‍රියාවලිය තුළ අන්තවාදීන්ට තම බලවේග වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය සම්පත් සහ රාජ්‍ය බලය හැසිරවීමේ හැකියාව ලැබේ. එහිදී එක් අන්තවාදියෙක් එළිදරව් වූ විට ඔහුට වෙනත් වගකීමක් පවරා වෙනත් තෝරාගත් අයකුට රාජ්‍යය බලය තුල නියෝජනය වීමට අවස්ථාව ලබාදේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව රිෂාඩ් වැන්නවුන් රාජ්‍ය බලයෙන් එලියට විසිවුවද ඒ වෙනුවට වෙනත් බලවත් පුද්ගලයින් රිෂාඩ්ගේ වැඩ කොටස ඉටු කරමින් ඇත. ඒ තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට බරපතළ සාක්ෂි තිබියදී රිෂාඩ්ලා වැන්නවුන්ට නිදැල්ලේ සැරිසැරීමට හැකියාව ලැබී ඇත. ආණ්ඩුව පාස්කු කොමිසමේ වගන්ති මාධ්‍ය මගින් තොරොම්බල් කළ ද ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුතු අන්තවාදය පෝෂණය කරන බලවත් දේශපාලකයින්ට එරෙහි අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට සමත් වී නැත. ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවාසි සහගත එම තත්ත්වය ඇති කරන්නේ ආණ්ඩුව තුළ යම් බලයක් හිමිකරගෙන සිටින ඉස්ලාම් අන්තවාදයට යටත් වූ පිරිසක් විසින් බව පිළිගත හැක. සමහර විට එම පුද්ගලයින් අන්තවාදීන් විසින් බියට පත් කොට තම උවමනාවන් සඳහා යොදා ගන්නවා විය හැක. එසේ නැතහොත් මුදලට යටත් වනවා විය හැක. එසේත් නැතහොත් ඔවුන් සැබැවින්ම මොළ සෝදා ගත් අන්තවාදීන් ද විය හැක. ඔවුන් කුමන කණ්ඩායමට අයත් වුවත් ප්‍රතිඵලය වෙනස් වන්නේ නැත.

ඉස්ලාම් අන්තවාදය මහා සමාජය තුළ පැතිරීමට පෙර මුස්ලිම් සමාජ දේහය තුළ වර්ධනය වන පිළිකාවකි. ඔවුන් ක්‍රමයෙන් මුස්ලිම් සමාජය තුළ ව්‍යාප්ත වන අතර අනෙක් පැත්තෙන් මුස්ලිම් සමාජය සහ සෙසු බහුතර සමාජය අතර ගැටුම් උත්සන්න කිරීමට කටයුතු කරති. අන්තවාදීහු සෑම විටම අන්තවාදය ඉහළට එසවිය හැකි සහ ඒ සමඟ ම සාමාන්‍ය මුස්ලිම් ජනතාව සහ බහුතර ජනතාව අතර ගැටුම සහ අවිශ්වාසය ඇතිකිරීම සඳහා හේතු සොයමින් සිටිති. මෑත කාලීනව අන්තවාදීන් විසින් අල්ලාගත් භූමදාන ප්‍රශ්නය ද එවැන්නකි. එම ගැටුම් තුළ අන්තවාදයට නව සාමාජිකයින් බඳවා ගැනීම සඳහා දිරිගැන්වීමක් ලැබෙන අතර ජන කොටස් අතර ගැටුම් ඇවිලවීමට ද අවස්ථාව ලැබේ. සෑම විට ම මුස්ලිම් ජනතාව අනිත් ජනතාවට වඩා වෙනස් බව සහ ඒ වෙනස අන් අය විවාදයකින් තොරව පිළිගත යුතු බවට මෙන්ම එසේ පිළිනොගන්නා විට ගැටුම්ක් ඇති කර ගත් යුතු බවට මතයක් අන්තවාදිහු ගොඩ නගති.

අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට එකඟ වීම හෙවත් අන්තවාදයට යටත් වීම මගින් අන්තවාදය පරාජය කළ නොහැක. අන්තවාදීන් විසින් සෙසු සමාජය යටත් කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේද මුස්ලිම් ජනගහන ප්‍රතිශතය අනුව තීරණය වන බව කියැවේ. උදාහරණයක් ලෙස 10% ජනගහනයක් ඇති විට තෝරණ උපක්‍රම ජනගහනය 20% වූ විට බොහෝ බලවත් සහ ආක්‍රමණශීලී වෙයි. ඒ නිසා ඉස්ලාම් අන්තවාදය යනු අන්කුරයෙන් කඩා දැමිය යුතු සහ මිහිපිටින් අතුගා දැමිය යුතු ප්‍රවණතාවයකි. පාස්කු ප්‍රහාරයකයින්ට සහ ඔවුන්ගේ ස්වාමිවරුන්ට අපරාධ නීතිය යටතේ දඩුවම් කිරීම මගින් පමණක් එය කළ නො නොහැක. ඒ සඳහා අන්තවාදයේ උපත සොයා ගත යුතු අතර ඊට හේතු වන සාධක සියල්ල සමාජයෙන් ඉවත් කළ යුතුය.

ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු!
සිංහල – දෙමළ – මුස්ලිම් සමගිය ආරක්ෂා කරමු!
මුස්ලිම් දරුවන් අන්තවාදයෙන් බේරාගනිමු!

ආචාර්ය ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More