දේශීය පුවත්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලෙසට අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ආසන නියෝජනයක් ඇති තවත් පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බැවින් රතන හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. රතන හිමියන්ට දැනටමත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදී ඇත.

විශේෂ තත්ත්වයක් යටතේ එවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කථානායකවරයාගේ පූර්ව අවසරය සහිතව රැස්වීම්වලට සහභාගි විය හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අතුරලියේ රතන හිමියන්ට දැනුම් දී තිබේ.
(මව්බිම)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More