මාධ්‍යය විසින් උදය ගම්මන්පිල මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ කොළඹ වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පත, පනත් අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් මෙම කමිටුවට යොමුකර අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතත් වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පත කමිටුවට ඉදිරිපත් කර නොමැති බව තහවුරු වේ.
පනත් අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවට කැබිනට් අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ උදය ගම්මන්පිල සහ නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරු ඇතුළත් වෙති.
පසුගිය සිකුරාදා (16 ) පස්වරුව වන විට කොළඹ වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විස්සක් ගොනුකර තිබුණි. ඇතැම් පෙත්සම්වලින් ජනමත විචාරණයක් පැවැත්වීමටද නියෝග නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. මෙම පෙත්සම් අද (19) විභාගයට ගැනීමට නියමිත අතර අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව රජයට සම්බන්ධ වාර්තා පවසයි.
කෙසේ වුවද පසුගිය යහපාලන ආණ්ඩු සමයේ කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් කොටසක් ලෙසත්, කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශයක් බවටත් යහපාලන රජයේ ස්වදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ වජිර අබේවර්ධන මහතා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...