පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිහිකිරීම සඳහා බොරැල්ල සහ මාදම්පිටිය සුසාන භූමින්හි ඉදිකර තිබු ස්මාරක දෙකක ආසිරි ගැන්වීමේ උත්සව සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද එක්ව සිටි අතර එහිදී උන්වහන්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකර සිටියේය.
” මෙම ප්‍රහාරය එල්ල කලේ ආගමික අන්තවාදීන් නෙමෙයි. පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුකළේ ඒ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් එය අතකොළුවක් කරගනිමින් සිය දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරූ පිරිසක්.”
“ආගමවත්, භාෂාවවත්, ජාතියවත් තවත් කෙනෙකුට හිරිහැර කරන්න භාවිත කරන්න එපා. තමන්ගේ බළය ශක්තිය පෙන්වීමට අනෙක් මිනිසුන් මරණ ඒ චින්තනයෙන් මිදෙන්න”
“අනෙක් ආගම් පහත හෙලා යම් ආගමක් මතු කිරීමට කිසියම් පිරිසක් උත්සාහ ගන්නේ නම් ඔවුන් වඩාත්ම හානි කරන්නේ තමන්ගේම ආගමට. පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අපි අඛණ්ඩව පෙනී සිටිනවා”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...