දේශීය පුවත්

පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරන ආහාරවල හානිකර ද්‍රව්‍ය තිබේදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙරේදා (16) දින දැනුම් දී තිබේ.

ආහාර පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැවින් ඒ සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්නේය. ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය උග්‍රවී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

2017සහ2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පැවසූයේ ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව තහවුරු වී ඇති බවයි . රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය වූ අතර, ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ආහාර සඳහා බලාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති රීති බැවින් ආහාර වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මෙහිදි අවධාරණය කළේය.

මෙම කාරක සභාවට තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගී වූහ.
(ලංකාදීප)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More