දේශීය පුවත්

වසර පනහක සිට ආනයනය කර ඇති අධික විෂ සහිත තහනම් හා කල් ඉකුත් වී ඇති කෘෂි රසායන දියර හා ඝන ද්‍රව්‍ය ටොන් තිහකට ආසන්න ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයේ හා මහඉලුප්පල්ලම රජයේ ගොවිපොළේ ගබඩා කර ඇති බව වාර්තා වේ.

ඉන් ටොන් අටක් පමණ මහඉලුප්පල්ලම ගොවිපොළේ ඇති අතර ඉතිරි ප්‍රමාණය අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන දහයක පමණ ගබඩා කර ඇති බව වාර්තා වේ.

එසේ කල් ඉකුත් වූ හා අධික විෂ සහිත කෘෂි රසායනික ද්‍රව්‍ය අධික උෂ්ණත්වයක් සහිත උදුනක දහනය කළ යුතු අතර ටොන් එකක් සඳහා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැයවන බව වාර්තා වේ.

1970 වනවිට කෘෂි රසායනික රජය මගින් ආනයනය කර ඇති අතර පසු කාලයේ පෞද්ගලික අංශය මගින් ආනයනය කර තිබියදී අත්අඩංගුවට ගත් තහනම් විෂ සහිත කෘෂි රසායනික මේ අතර වේ. මෙම කෘෂි රසායන පරිසරයට නිරාවරණය වුවහොත් දැඩි ගැටලුවක් පවතින බවත්, ඒවා පොළොවට, ජලයට, වායුවට එක් වුවහොත් දැඩි පරිසර හානියක් සිදුවිය හැකිය.

මේ සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම කෘෂි රසායනවලින් මහඉලුප්පල්ලම තිබූ තොගය දහනය කර විනාශ කළ බවත්, අම්පාරේ ඇති ටොන් 20 පමණක් විනාශ කිරීමට ඇති බවයි. මේ වනවිට ඒවා විනාශ කිරීම සඳහා රුපියල් මිලියන 8ක ප්‍රමාණයක ප්‍රතිපාදන ලැබී ඇති බවත්, එම කෘෂි රසායනික සුරක්ෂිතව බහාලුම්වල දියරයක් ලෙස සකසා ගබඩා කර ඇති බවයි. එම නිසා මේ වනවිට ඇතිව තිබූ අවදානම අඩුවී ඇති අතර ඉදිරි දිනවලදී එම තොගයද පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දහනය කරන බව සඳහන් කළේය.
(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More