දේශීය ටින් මාළු සමාගමක් සඳහා රුපියල් අට ලක්ෂයක මාසික කුලියකට බදු දී ඇති ධීවර සංස්ථාවට අයත් ගාල්ලේ පිහිටි ගොඩනැගිල්ලක රුපියල් දාහතර ලක්ෂය බැගින් වන මාසික විදුලි බිල්පත් දස වසරක් පුරා ගෙවීමට එම සංස්ථාවට සිදුව ඇතැයි සංස්ථාවේ ආරංචිමාර්ග පවසයි.
මෙම ගොඩනැගිල්ලේ බිල්පත් වෙනුවෙන් පසුගිය වසර දහය පුරාම රුපියල් කෝටි දාසයක පමණ මුදලක් ධීවර සංස්ථාව විසින් ගෙවා ඇති අතර එකී ගොඩනැගිල්ල සඳහා කුලිය වශයෙන් ලැබී ඇත්තේ රුපියල් කෝටි නවයක පමණ මුදලකි.
මෙම ගොඩනැගිල්ල 2011 වසරේදී දස වසරක් සඳහා බදු දී ඇත්තේ එවක ධීවර ඇමැතිවරයාව සිටි රාජිත සේනාරත්නගේ උපදෙස් හා මැදිහත්වීම මතය. මෙම ගොඩනැගිල්ල ධීවර සංස්ථාවේ වුවත් එහි භාවිත කරන යන්ත්‍ර සූත්‍ර බදු ගත් සමාගමට අයත් ඒවා වේ. එහි නිෂ්පාදන කටයුතු වෙනුවෙන් අධික විදුලියක් භාවිත වේ.
මේ සම්බන්ධයෙන් ධීවර සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ලලිත් දවුලගලගෙන් අරුණ කළ විමසුමකදී සඳහන් කළේ එලෙස බදු දී ඇති ගොඩනැගිල්ලේ ගිවිසුම් කාලය ලබන මැයි මාසයේ දී අවසන් වීමෙන් පසු අදාළ ගොඩනැගිල්ල ධීවර සංස්ථාව වෙත යළි පවරා ගන්නා බවය. පසුගිය කාලයේ පැවති අවිධිමත් පරිපාලනය හේතුවෙන් මෙවන් වැරදි ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.
(අරුණ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...