දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලූ දේපළ, වත්කම් සහ යාන වාහන තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

මොවුන්ගේ වත්කම් රුපියල් කෝටි 100 කට අධික බව හෙළි වී තිබේ.

අක්කර ගණනක ගම්මිරිස් වතු හා ව්‍යාපාර 20 කට අධික සංඛ්‍යාවක් ඊබ‍්‍රාහිම් පවුල සතුව ඇතැයි රජය සොයාගෙන ඇත.

රජය මොවුන්ගේ දේපළ රාජසන්තක කිරීමේ තීරණය ගැනීමට පෙර ඔවුන් සතු සුපිරි නිවසක් ව්‍යාජ ඔප්පු මත අන්සතු කර ගැනීමට කටයුතු කළ පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මෙම කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ නම අනුර කුමාර දිසානායක නායකත්වය දරණ ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ සඳහන්ව තිබූ බවට පසුගිය වකවානුවේ වාර්තා පළවී තිබුණි.
(දිවයින පුවත් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More