මුල්ලිවයික්‌කාල් හි ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බව දක්‌වමින් උතුරු පළාත් සභාව රජයේ මුදල් වැය කරමින් අද (මැයි 18) මුල්ලිවයික්‌කාල්හිදී සමරු උත්සවයක් පවත්වයි.
උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඇමැතිනී ආනන්දි සසිදරන්, පළාත් සභා මන්ත්‍රී එච්. කේ. සිවාජිලිංගම් යන උතුරු පළාත් සභා මන්ත්‍රීවරුද ඊට සහභාගි වෙති.
මුල්ලිවයික්‌කාල් සමරුව නිමිත්තෙන් ප්‍රදර්ශන රථයද අද උතුරේ මාර්ගවල සැරිසරන බව හෙළිවී ඇත.
මෙම සැමරුම සඳහා සංචාරක වේශයෙන් හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසක්‌ද සහභාගි වන බව උතුරේ ආරංචි මාර්ග දක්‌වයි.
මියගිය කොටි ක්‍රියාකාරීන් වෙනුවෙන් උතුරු පළාත් සභාව අද (18 දා) ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර රජය ඊට ඉඩදී ඇත.
වලිකාමම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු මියගිය කොටි වෙනුවෙන් ඉටිපන්දම් දල්වා ඔවුන්ට ගෞරවය දක්‌වා තිබේ.
මේ අතර මුල්ලිවයික්‌කාල්හි ස්‌මාරකයක් ඉදිකිරීමටද උතුරු පළාත් සභාව තීරණය කර ඇත.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...