මේ වසරේ අප රටේ සමස්ථ විදේශ ණය වාරිකය ඩොලර් බිලියන 8.4ක් වන බවත් ආසන්න වශයෙන් ගත් කළ එය හම්බන්තොට වරායේ වටිනාකම මෙන් අට ගුණයක් බවත් පාර්ළිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
ඒ වගේම අපගේ ආනයන සහ අපනයන අතර පරතරය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 9ක් බවත් ආනයන සීමා සියල්ල ක්‍රියාත්මක කළත් එය ඩොලර් බිලියන 6කට වඩා අඩු කරගත නොහැකි බවත් පවසන ඔහු ඒ සඳහා අතිරේකව බිලියන 14ක මුදලක් අවශ්‍ය වන අතර එය සොයාගන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කරයි. විදේශ ශ්‍රමිකයන්ගෙන් යම්කිසි මුදලක් අපට ලැබුනද විශාල හිඟයක් ඇති වන අතර භාණ්ඩ ආනයනයට තබා ණය ගෙවාගැනීමටවත් නොහැකි තත්වයක් මේ අනුව උදා වන බවට ඔහු අනතුරු අඟවයි.
දැනට ද ලැබී ඇති ආරංචි අනුව තෙල් සංස්ථාව දනට ගෙන්වා ඇති තෙල් සඳහා ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ණයවර ලිපි වෙනුවෙන් ඩොලර් බිලියන 2කට වඩා ගෙවීමට ඇති අතර අපගේ විදේශ සංචිතය ඩොලර් බිලියන 4කට අඩු වී ඇති බවත් ඒ අනුව අපි විශාල ණය උගුලක සිරවී ඇති බවත් ඔහු පවසයි.
මෙම ණය ගෙවීමට මුදල් දීමේ හිලව්වට චීනය වරාය නගරය ඉල්ලා සිටින බවත් ඉන්දියාව නැගෙනහිර බැරිනම් බටහිර ජැටිය හෝ ලබාදෙන ලෙසට බළපෑම් කරන බවත් පවසන ඔහු මේ වනවිට පසුගිය දීර්ඝ වකවානුක සිටම රට පාළනය කළ සියළු පාළකයින් කර ඇත්තේ අවසානයේ හිඟන රාජ්‍යයක් නිර්මාණය කරන ආකාරයට කටයුතු කිරීම පමණක් බවත් වැඩිදුරටත් පවසයි.
දේශප්‍රේමිත්වය, රට රකිනවා මව් බිමට ආදරය කරනවා කියන්නේ පපුවට ගසා ගැනීමවත් පොළව සිඹගැනීමවත් නොවන බව දැන්වත් ජනතාව තේරුම්ගත යුතුව ඇතැයි ද ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...