පසුගිය දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, එහි සාමාජික මහාචාර්ය නාරද වර්ණසූරිය ඇතුළු පස් දෙනෙක් හදිසියේම ඉවත් කරන ලදී.
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව පනතේ සඳහන් නියමවලට අනුකූලව සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය. එහෙත් මෙතෙක් එම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් නොකිරීමට එරෙහිව වෛද්‍යවරු දෙදෙනෙකු විසින් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි සභිකයින් වගඋත්තරකරුවන් කරමින් එම වෛද්‍යවරුන් දෙදෙනා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිළවරණය පැවැත්වීම ලබන 19 වැනිදා දක්වා වළකාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්‍ෂ මහතා විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
</a
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...