දේශීය පුවත්

‘මේ අපි යුද්ධය අවසන් කරපු මාසයයි. ඒ දවස සමරන්න රජය කටයුතු කරන එක අතහැර දාලා තිබෙනවා. දකුණේ මැයි 19 වැනිදා මියගිය සෑම දෙනාම සැමරුවත් උතුරේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔවුන් එල්ටීටීඊ එකේ මිය ගිය අය පමණක් සමරන්න කටයුතු කරනවා. රණවිරුවන් නොහිටියා නම් යුද්ධය අවසන් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි යුතුකමක් හා වගකීමක් ලෙස යුද්ධයෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූ සියලුම රණවිරුවන් වෙනුවෙන් මැයි මස 19 වැනිදාට පහනක් දැල්වීමට කටයුතු කළ යුතු යැයි මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරේදා (16දා) දින කඩුවෙල මානුංගලදී පැවැසීය

ආචාර්ය පියංක පෙරේරා මහතා හා එම මහත්මිය විහාර මන්දිරය සහ වෙළෙඳ ව්‍යාපාරික නිරෝෂන් නානායක්කාර මහතාගේ දායකත්වයෙන් ඉදිකළ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා එලෙස පැවැසීය.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා ‘දේශපාලන නායකත්වය මෙන්ම රණවිරුවන්ගේ කැපවීම නොවන්නට අපට යුද්ධය අවසන් කරන්නට නොහැකි වෙනවා. ඒ නිසා යුද්ධයෙන් අත් පා ශරීරයේ කොටස් අහිමි කර ගනිමින් අපේ අද දවස වෙනුවෙන් ජීවිත කැප කළ සහ ආබාධිත තත්ත්වයේ පසුවන සියලු දෙනාට පින් පතා සහ ආශිර්වාද පතා මැයි 18 වැනිදාට පහනක් දැල්වීම අපගේ වගකීමක් සහ යුතුකමක්. එසේ නොවුණහොත් එය අප විසින් අපටම කර ගන්නා අවමානයක්.

අපි රණවිරුවන් වෙනුවෙන් හදපු තවමත් වැඩ අවසන් නොමැති සඳ හිරු සෑය චෛත්‍යයේ වැඩ අවසන් කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එයට මුල් වුණේ කවුරුදැයි සිතන්න එපා. එහි වැඩ අවසන් කර ජනාධිපතිවරයා සහ සේනාධිනායකයා ලෙස ඔබතුමාම විවෘත කරන්න. ඒ පිළිබඳව ගැටලුවක් අපට නැහැ.

මේ විධියට බදු බර වැඩි කරමින් ජනතාව පීඩනයට පත් කරන යුගයක් බිහිවෙලා නැහැ. අද වන විට රට පත්වෙලා තියෙන තත්ත්වය සහ රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ඔවුන් පත් වෙලා තියෙන ඉරණම පිළිබඳව අපි හොඳ අවබෝධයකින් ඉන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More