දේශීය පුවත්

අද (16) දින උදෑසන 9.00ට පමණ දුරකථන ඇමතුමක් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට පහත් වචනයෙන් බැන්න බවත් තමාට ද පෙරලා එසේ කිරීමට සිදු වූ බවත් පාර්ළිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

” පහුගිය කාළේ මේ ජනාධිපතිවරයා පත්කර ගන්න අපි ගොඩක් මහන්සි උනා. මේ ජනාධිපතිතුමා පත් කරගනිද්දි මුළු රටේම ජනතාවට ගමින් ගමට ගිහිල්ල අපි කිව්වෙ මේ ජනාධිපතිතුමා යටතේ රටේ රාජ්‍ය සමපත් අපි ආරක්ෂා කරනව, පිටට විකුණල තියෙන සම්පතුත් අපි ආපහු ගන්නව ඒ වගේම හොරු දූෂිතයො ආණ්ඩුව ඇතුලට ගන්නෙ නෑ, නීතියේ ආධිපත්‍යය ඇති හොඳ යහපත් රටක් අපේ අනාගත පරපුරට අපි හදල දෙනව කියල.”

“නමුත් අපි පහුගිය කාළෙ දැක්ක රජයට කෝටි 1,600කට වඩා පාඩු සිදු කරමින් මේ රටේ සීනි බදු වංචාවක් උනා. ඒ වගේම පිළිකාකාරක සහිත පොල්තෙල් ගෙනැල්ල කූට ව්‍යාපාරිකයො රටේ ජනතාවට ඒව පරිභෝජනය කරන්න දුන්න. රජයේ සමහර ආයතන පිළිකාකාරක සහිත පොල්තෙල් ගෙනැල්ල රටේ ඒව බෙදාහරින්න මේ කූට ව්‍යාපාරිකයන්ට සහයෝගය ලබා දුන්න.”

“කොළඹ වරාය නගරය ගැන මම වර්තමානයේදී කතා කරනව. ඒ සඳහා පණත් කෙටුම්පතක් හොර රහසේම හදල පාර්ළිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනව. ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමක් සිද්ධ උනේ නෑ.”

“ඒ පණතේ තියෙන භයානකකම ගැන මම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අභයාරාමයේදී ඊයේ (15) දින මාධ්‍ය සාකච්ඡාවක් තියල මේකෙ තියෙන භයානක ප්‍රතිඵල රටට හෙළිදරව් කරා.”

“අද උදේ 9.00ට පමණ ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරහම එතුමගෙ දේශපාළන පරිණතභාවය අඩු බව දැන සිටියත් මම බළාපොරොත්තු උනා රටේ රාජ්‍ය නායකය විධියට මේ පවතින ගැටළු නිරාකරණය කරගන්නෙ කොහොමද කියල කතිකාවතක් ඇතිකර ගන්න වෙන්න ඇති මේ කතා කරන්නෙ කියල.”

“නමුත් එතුමා කතා කරපු භාෂාව ඉතාම පහත්. රාජ්‍ය නායකයෙකුට නොගැලපෙන ඒ වගේම මහා ද්වේශයකින්, වෛරයකින්, ආවේගශීලීව වෙව්ලමින් එතුමා ඉතා පහත් මට්ටමින් මට කතා කරා. ඒක නිසා අකමැත්තෙන් නමුත් මටත් සිද්ධ උනා එතුමා ආමන්ත්‍රණය කරපු භාෂාවෙන්ම එතුමට ප්‍රතිචාර දක්වන්න.”

“මේක ඉතාමත්ම නරක දෙයක් පාර්ළිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කරල ජනතාව බළාපොරොත්තු වෙන්නෙ රටේ සහ ජනතාවගෙ අයිතිය සුරකින්න. ඉතිං එහෙම කතාකරපු එක වරදක් විදියට රාජ්‍ය නායකයෙක් දකිනව නම් අපි කොහොමද මේ රට නිවැරදි තැනකට ගෙනියන්නෙ.”

“මම බැසිල් රාජපක්ෂ ගැන අද ඊයෙ නෙවෙයි හැමදාම ඔහු දූෂිතයෙක් කියල කියනව. ඒක ඊයෙත් කිව්ව. ඒක එතුමාගෙ දරුවන්ට ආරෝපණය කරල වැරදි වැටහීමක් ඇතුව කතා කරහම මම කිව්ව ඒක වරදවා වටහා ගන්න එපා, ඒක දරුවන්ට කිසිසේත්ම සම්බන්ධ නෑ. මම කිව්වෙ ඒගොල්ලන්ගෙ දරුවන්ට ජීවත්වීම සඳහා සුදුසු සුරක්ෂිත රටක පුරවැසිභාවය ලබාගෙන ඒගොල්ල ජීවත්වෙනව කියන එක විතරයි.”

“හැබැයි මේ වරාය නගරය ගිවිසුම හා පණත සම්මත කරායින් පස්සෙ, අපේ රටේ අහිංසක දරුවන්ට අනාගතේ ජීවත්වෙන්න රටක් නැති වීමේ ලොකු බරපතළ අවදානමක් තියෙනව.”

“ඉතිං ඒවගේ කාරණයක් කීම, ඒක මාධ්‍යයේ ප්‍රචාරය කිරීම බරපතළ දෝෂයක් ලෙස දැකල ආවේගශීලීව, පහත් ආකාරයෙන් මන්ත්‍රීවරුන්ට මෙහෙම තර්ජනය කරනව නම් ඒක ඉතා බරපතළ කාරණයක්. ජනාධිපතිවරයෙක් එහෙම තර්ජනය කරනකොට අපිට ජීවිත ගැන බයක් ඇතිවෙනව. ඒ එක්කම මම පොලිස්පතිතුමාට මේ පිළිබඳව දැනුම් දුන්න. ඒ වගේම ඉදිරියේදී ලිඛිතව කරුණු ඉදිරිපත් කරනව.”

“මම මොන ආණ්ඩුව එක්ක හිටියත් හැමදාම හිටියෙ මගේ ස්වාධීන මතයේ. ආණ්ඩු තුළ දේශපාලන වහල්ලු සිටින යුගය නිමා කරන්න ඕනෙ. රටේ මිනිස්සු නම් දැන් දේශපාලන වහල්ලු වෙන්න සූදානම් නැහැ. දේශපාළනඥයොත් දේශපාළන වහල්ලු නොවී ඉන්න උත්සාහ කරන්න ඕනෙ කාළය මේක.”

“දැන් අර කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කතන්දර නෑ. මිනිස්සු බලන්නෙ රට, ජාතිය වෙනුවෙන් අවංකවම කැපවීමක් කරන්නෙ කව්ද? සේවයක් කරන්න පුළුවන් කාටද? කියන එක.”

“මේක කාගෙවත් රට නෙවෙයි මේක අපේ රට. ඒ නිසා තීන්දු ගන්න සුදුසු ඕනම අවස්ථාවක මම තීන්දු ගන්නව.”

“මට ආරංචි විධියට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ටත් ඒ වගේ ගර්ජනාවක් සිද්ධ කරල තියෙනව.”

“මේ රට විනාශ කරන රට පාවා දෙන කොළඹ වරාය නගර කොමිෂන් සභා ව්‍යාපෘති පණතට ඡන්දය දෙන මන්ත්‍රී තුමන්ලා, ඇමති තුමන්ලා ඇතුළු මහජන නියෝජිතයින්ට හොඳ විදියට නිසි ලෙස ගෞරව කරන්නත් ජනතාව සූදානමින් ඉන්නෙ.”

</a



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More