මොන නීති දැම්මත් අහිංසක මිනිසුන්ගේ මුදල් ටික කොල්ලකන්න එක එක කාලෙට ජාවාරම් එනවා. මහ බැංකුව විසින් මාධ්‍යයෙන් දැන්වීම් පවා නිතර දෙවේලේ දමමින් පිරමීඩ ජාවාරම පිළිබඳව ජනතාව දැනුවත් කරනවා අහු වෙන්නට එපා කියලා. ඒත් ජාවාරම්කාරයෝ කලින් කලට අලූත් විදිහට පිරමීඩ ජාවාරම කරගෙන යනවා.
මීට වසර කිහිපයකට පෙර අම්පාරේ රාජ්‍ය සේවකයෝ ගොඩක් මේකට අහු වෙලා හිටියෙ. අන්තිමේදී පස්සේ සාමාජික වෙච්ච අයට මෙලෝ දෙයක් නෑ. දීපු සල්ලිත් නෑ. අන්ත අසරණ වෙලා ඉන්නවා ඒවා කරපු උන්ට සාප කර කර ඉන්නවා. ඒ අල්ලපනල්ලේ අලූතින් පිරමීඩ ජාවාරමක් ආයේ අම්පාරේ පටන් අරන්. ඒ පිළිබඳවයි මේ සටහන.
අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගම්පර නාරද හිමියන් මෙහෙම කිව්වා.
මීට වසර කීපයකට පෙරදී වසංගතයක් වගේ පිරමීඩ ජාවාරම අම්පාරේ ක‍්‍රියාත්මක වුණා. සෑම සතියකම වගේ පුහුණු පන්ති පැවැත්වුණා. වෛද්‍යවරු, නීතිඥයෝ මාධ්‍යවේදීන්, විදුහල්පතිවරු, ගුරුවරු, සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය සේවකයෝ බොහෝ දෙනකු ඒකට සාමාජික වුණා. සමහරුන් පිස්සුවෙන් වගේ වැඩ කරේ. ජාවාරම්කාරයෝ පුහුණු සැසිවලදී කිහිපදෙනකු ඉදිරියට ගෙනල්ලා ලක්ෂ ගණනින් මුදල් උපයන බව ඔවුන්ගේ බැංකු ගිණුම් පවා පෙන්වමින් අහිංසක මිනිසුන් මෙම ජාවාරමට බඳවා ගත්තා. සමහරු පොලියට සල්ලි අරගෙනයි පිරමීඩ ජාවාරමට බැඳිල තිබ්බේ. ලක්ෂ ගණන් හොයන්න ගිය අයට රුපියල් පන්දහක්වත් හොයාගන්න බැරුව අන්ත අසරණ වුණා. මේ ජාවාරම බඩුවක් විකුණන විදිහටයි කරන්නේ. අන්තිමේදී වැඩි මිලට නොවටිනා භාණ්ඩ විකුණලා මිනිසුන් අන්ත අසරණ කරනවා.
පරණ සමාගම අලූත් නමකින් තමයි ආයෙ වැඩ පටන් අරගෙන තියෙන්නේ. පිරමීඩ සමාගමත් එක්ක මුල් වෙලා කටයුතු කරපු කීපදෙනෙක්. වස විස අයින් කරන සෞඛ්‍ය උපකරණ ලබා දෙන බව පවසමින් මේ පිරමීඩ ජාවාරම නැවතත් අම්පාරේ ආරම්භ කරලා තියෙනවා. මේ පිටිපස්සේ ඉන්නේ මීට වසර දෙක තුනකට කලින් අම්පාරේ පිරමීඩ ජාවාරම් කරපු ජාවාරම්කාර කල්ලියයි. දැනට අම්පාරේ මුල් වෙලා ඉන්නෙත් සෞඛ්‍ය ඇතුළු රජයේ සේවය කරන පිරිසක්.
මහ බැංකුවෙන් කොච්චර කිව්වත් පිරමීඩ ජාවාරමට අහුවෙන්න එපා නතර කරන්න කියලා, මේ පිරමීඩ ජාවාරම ව්‍යාප්ත කරන්නට කටයුතු කරන්නේ ඇතැම් රජයේ සේවකයෝම තමයි. කට්ට කෛරාටික වෙට්ට පිත්තල මිනිස්සු මුදල් හම්බ කරන්න තමයි මේ දේ කරන්නේ. අද මුහුණු පොතෙන් හා ස්මාර්ට් ෆෝන් අතේ තියන් ඉන්න බොහෝ දෙනෙක් දන්නේම නැතුව මේ පිරමීඩ ජාවාරමට අහුවෙනවා. කාලෙන් කාලෙට එක එක ආකාරයෙන් එන මේ අය මිනිසුන් නොමඟ යවලා තමන්ගේ මඩිය තර කර ගන්නවා. අපි අම්පාරේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ පිරමීඩ ජාවාරමට අහුවෙන්න එපා. ඇතැම් රජයේ සේවකයෝ තමන් ගොඩනඟා ගත් ප‍්‍රතිරූපය හරහා ජනතාව මුළා කරන්න කටයුතු කිරීම කනගාටුවට කරුණක්. පොලිසිය ඇතුළු අදාළ වගකීමෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න. මේ පිරමීඩ ජාවාරමට මුල්ව කටයුතු කරන අය පිළිබඳව අපි පොලිසියට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.
අපි එලෙස කරන්නේ මේ පිරමීඩ ජාවාරම හරහා අසරණ වෙන අහිංසක ජනතාව බේරා ගන්න යැයි ගම්පහ නාරද හිමියන් දිවයින අඬහැරයට අදහස් දැක්වමින් පවසා සිටියා.
(දිවයින – අඬහැරය)
</a
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...