දේශීය පුවත්

සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් “මව්බිම” පුවත්පතේ මාධ්‍යවේදියකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලකට මරණීය තර්ජන කරමින් පහර දීමට උත්සාහ ගෙන ඇත.

ඉකුත් 16දා (පෙරේදා) රාත්‍රි නවයට පමණ අදාළ මාධ්‍යවේදියා රාජකාරි කටයුතු නිමකර නිවෙසට යන අතරතුර පරුෂ වචනයෙන් බැන වදිමින් එම ආරක්ෂක නිලධාරියා පහරදීමට පැමිණ තිබේ. ඔහු සමඟ ඔහුගේ සහෝදරයන් දෙදෙනකුද මරණීය තර්ජන කරමින් මාධ්‍යවේදියාට පහරදීමට තැත් කර ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක 119ට පැමිණිලි කළ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් පොලිසිය කැඳවා තමන්ට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා තිබේ.

17 වැනිදා හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාද හමුවී මේ ගැන පැමිණිලි කර ඇති අතර හෝමාගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. සැකකරුවන් ඇප මත නිදහස් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More