පුරවැසි කොලම

ශ‍්‍රී ලංකාව ඈත අතීතයේ සිට ම පොල්තෙල් ආහාරයට ගත් රටකි. ආහාරයට අමතරව විවිධ ඖෂධ පිළියෙල කිරීමේදී පොල්තෙල් බහුලව භාවිත කරන ලදී. අප සංස්කෘතියේ ප‍්‍රධානතම අංගය වන සිංහල දෙමළ අලූත් අවුරුදු උළෙලේ වැදගත්ම චාරිත‍්‍රය වන හිස තෙල් ගෑම් චාරිත‍්‍රය ද පොල් තෙල් යොදා ගනිමින් සිදු කරයි. එනම් පොල්තෙල් යනු අප ජීවිතය හා බද්ද වී ඇති ආහාරයකි. රජිකාලයේ පටන් පොල්තෙල් කර්මාන්තයක් ලෙස පැවැති අතර ලෝකයේ පිරිසිදුම පොල්තෙල් නිපදවීමේ නිවැරදිම තාක්‍ෂණය ඒ කාලයේ සිටම ශ‍්‍රී ලංකාව තුළ පැවැති අතර අදටත් අප රටේ පිරිසිදු පොල්තෙල් ඉතාම අධික මිල ගණන්වලට ලෝකයේ සියලූම රටවල ලොකුම පොහොසතුන් හා ප‍්‍රභූවරුන් මිලදී ගනු ලබන්නේ ඒ නිසාය. අතීතයේ අපරට යුරෝපයට, එංගලන්තයට, ජිපානයට පොල්තෙල් අපනයනය කළ රටකි.

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය මො. ටො. 180,000 ක් පමණවන අතර ඉන් මෙ. ටො 120,000 ක් පමණ එදිනෙදා ගෘහස්ත පරිභෝජිනය සඳහා ද මෙ. ටො. 60,000 ක් පමණ විවිධ කර්මාන්ත සඳහාද යොදා ගනී. මින් මේ රටතුළ නියම ආකාරයෙන් පොල්තෙල් නිපදවනුයේ මෙ. ටො. 20,000-30,000 අතර ප‍්‍රමාණයක් වන අතර මෙ.ටො 100,000ක් පමණ වාර්ෂික ආනයනය කරනු ලබයි. ඒ සඳහා වාර්ෂිකව රු:බි. 60-70 අතර ප‍්‍රමාණයක් වැය කරනු ලබන අතර එය වාර්ෂික ඖෂධ අපනයනයට ආසන්න වියදමකි. ඒ අනුව බලන කල ලෝකයට පිරිසිදු පොල්තෙල් දුන් අප රට අද අතීත පාලකයන්ගේ දුර්වල ප‍්‍රතිපත්ති හා අනුවණකම නිසා දැන් පිටරටින් පොල් මිලදී ගනිමින් සිටී. ඒවා ද පොල්තෙල් නොව පොල්තෙල් නමින් හඳුන්වන විවිධ විෂකාරක අඩංගු ප‍්‍රමිතියෙන් තොර බාල තෙල්වර්ගය නිසා. මේ බව නොදැන අද දුප්පත්ම කම්කරුවාගේ සිට රටේ පළමු පුරවැසියා දක්වාම විවිධ සන්නාම නාම තුළින් (BRAND NAME) පොල්තෙල් නිසා වස කමින් සිටී. සමහර වස පොල්තෙල් ගෙන්වන ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් උදේ හවා රට කරවන්නන් ඇසුරු කරමින් රට විතරක් නොව රට හදන්න ආ නායකයන්වත් ගොනට අන්දවමින් සිටී.

පොල් මිල පාලනය කරන බහුජාතික සමාගම් මාෆියාව අද අප රටේ පොල් ගෙඩියක ගාණ හාල් කිලෝ එකක ගාණටත් වඩා වැඩිය. ඒකට හේතුව පොල් පලදාව අඩුවීම විතරක් නොවේ. මේ රටේ ක‍්‍රියාත්මක වන බහුජාතික සමාගම් 405 විසින් ගෙන යන ව්‍යාපාරික ජඩ කමක ප‍්‍රතිඵලයකි. මෙම සමාගම් විසින් මෙරට නිපදවන පොල්වලින් 62% ක් පමණ ප‍්‍රමාණයක් මිලට ගනු ලබයි. ඔවුන් පොල් පලදාව වැඩි කාලයට සහ අඩුකාලයට තමන් මිලදී ගන්නා පොල් ප‍්‍රමාණය වැඩි අඩු කරමින් දේශීය වෙළෙඳපොළට අවශ්‍ය පොල් ඒම පාලනය කරයි. එමනිසා පොල් පලදාව වැඩිකාලයටවත් පොල් මිල අඩු වන්නේ නැත. මෙරට පොල්ගෙඩියක මිල තීරණය කරනු ලබන්නේ මේ බහුජාතික සමාගම්ය. ඔවුන් විසින් මිලදී ගන්නා පොල්වලින් වැඩි ප‍්‍රමාණයක් පොල් කිරි වියළි පොල් (DESIESACATED COCONUT) හා පොල් පිටි COCONUT POWDER ලෙස දියුණු රටවලට අපනයනය කර ඔවුන් අතිවිශාල ලාභ ලබන අතර එම මුදල් අදාළ සමාගම්වල මවුරටට යනවා විනා විදේශ විනිමය වශයෙන් අපට ලැබෙන්නේද නැත.

ව්‍යාපාරික මාෆියාව විසින් විනාශ කළ දේශීය පොල්තෙල් නිෂ්පාදකයා මෙරට පිරිසිදු පොල්තෙල් ඉහළ තාක්‍ෂණයෙන් නිපදවන දේශීය පිරිසිදු පොල්තෙල් නිපදවන පාරම්පරික තෙල් නිපදවන්නන් සිටී. ඔවුන්ට අවශ්‍ය තාක්‍ෂණය මෙන්ම යන්ත‍්‍ර සූත‍්‍රද පවතී, නමුත් පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය තරම් පොල් නොමැතිකම නිසා එම කර්මාන්ත ශාලා බොහෝමයක් වැසී ගොස්ය. නැතිනම් වසරේ වැඩිකාලයක් වසා දමා ඇත. ඉහත බහුජාතික සමාගම් විසින් ගෙන යන පොල් මාෆියාව තුළ දේශීය ව්‍යාපාරිකයාට රැඳී සිටිය නොහැක. පොල් මිල කෘතීම ලෙස ඉහළ නංවා ඇති නිසා නිෂ්පාදක පිරිවැය ඉහළ යෑම තුළින් ඔවුන් නිපදවන පොල්තෙල්වල මිල වෙළෙඳපොළේ ඇති අනිකුත් තෙල්වලට වඩා මිල වැඩිය. ඒ නිසා ඒ පොල් විකිණෙන්නේ නැත.

මෙහිදී සඳහන් කළ යුතු අනිකුත් වැදගත්ම කාරණය වන්නේ වෙළෙඳපොළේ ඇති අනිකුත් පොල්තෙල් ලෙස හඳුන්වා විකුණන මිල අඩු තෙල් බොහොමයක් එක්කෝ පිටරටින් ආනයනය කරන ලද පිළිකා කාරක කටුපොල් තෙල් හෙවත් පාම් ඔයිල් (palm oil) හෝ පිටරට කුස්සි තුළ භාවිත කර ඉවතලන (kitchen oil) ගෙන්වා හදන පාට වෙනස් කර කවලම් කරන ලද ඇෆල ටොක්සින් ( a falatoxin) නැමැති පිළිකා කාරක සහිත තෙල්

3) මෙරට හෝටල්, රෙස්ටුරන්ට් හෝ කොත්තු කඩවලින් එකතු කරන ලද පාවිච්චි කරන ලද අති අපිරිසිදු කූට ලෙස වෙනස් කරන ලද තෙල් වේ.

4) මීට අමතරව කපු ඇට, රබර් ඇටවලින් හා විවිධ අනෙකුත් ක‍්‍රමවලින් නිපදවන ලද මිනිස් පරිභෝජිනයට නුසුදුසු සබන්, උළු ලිහිසිතෙල් කර්මාන්ත සඳහා යොදා ගන්නා තෙල්ද සමාජිය තුළ පරිහරණයවේ.

ඉහත තෙල් වර්ග විසෙන් වැඩිවුණත් ගාණෙන් අඩුය. එම නිසා මැරෙන බව නොදැන පාරිභෝගිකයා මිලදී ගන්නේ මිල අඩු තෙල්ය. දේශීය නිෂ්පාදකයාගේ පිරිසිදු තෙල් විකුණන්න බැරිව ඔවුන් ව්‍යාපාරිකව කඩා වැටේ. ඒ අනුව මෙරට පොල් මිලදී ගන්නා බහුජාතික සමාගම් හා මෙරටට විස තෙල් ආනයනය කර අධික ලාභ ලබන ව්‍යාපාරිකයන් 4-5 දෙනා දේශීය නිෂ්පාදකයා දඬු කඳේ ගසා හමාරය. ඒ මදිවාට මාධ්‍යය යොදාගෙන ඔවුන්ට මඩ ගසමින් පරම්පරාවෙන් ගෙන ආ අභිමානයද විනාශ කරමින් සිටී. මේ ව්‍යාපාරික මාෆියාව මුදල්වලින් පොහොසත් හා අනුකම්පා විරහිත ප‍්‍රහාරකයන්ය. ඔවුන් සුදු ඇඳගත් හෝ ටයි කෝට් ඇඳගත් පැහැපත් රන්වන් පාට ගෝඞ් ෆාදර්ලාය. ඔවුන්ට තර්ජිනය වන්නන් පරම්පරා පිටින් විනාශ කරයි.

පොල් තෙල් හරහා සිදුවන සමූල ඝාතනය ඉහත තෙල් වර්ග එකක්වත් පොල්තෙල් නොවේ. ක්ලෝරින් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය යොදා වර්ණය වෙනස් කර පොල් තෙල් කවලම් කර පොල් තෙල් සුවඳ ගත් ඇෆ්ලටොක්සීන්, ට‍්‍රාන්ස්ෆැට් (transfat) වැනි සෞඛ්‍යයට ඉතා අහිතකර විෂ රසායනික අඩංගු පොල්තෙල් ලෙස අන්දවා ඇති හොර පොල් තෙල් වර්ග වේ. ඒවා අද සුපර් මාර්කට්වල ඇති සුපිරි ගණයේ වෙළෙඳ සන්නාමයෙන් විකුණන තෙල් බෝතල්වල සිට සිල්ලර කඬේ කිරල විකුණන පොල්තෙල් දක්වා විහිදී ඇත. ඒක නිසා ලොක්කගේ සිට සොක්කා දක්වා අපි සියලූ දෙනා දිනපතා වහ කමින් සිටී. මෙරට සිටින ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් රටටම හීන්සීරුවේ වස කවමින් සිටී. කාලය අරන් ජාතියට සමූල ඝාතනයට ලක් කර ඇත. ඔවුන් සමූල ඝාතකයින් ලෙස හැඳින්වීම සමාජිය කරන වරදක්ද?

රටට වස කවන නිලධාරී හා දේශපාලන මාෆියාව ඉහත ව්‍යාපාරික මාෆියාව ගැන තොරතුරු බොහෝය. ඒවා රටට හෙළි කිරීම අත්‍යවශ්‍ය කාරණාවකි. අද මේ ව්‍යසනයෙන් ජිනතාව ගලවා ගැනීමට ඇති එකම මඟ ඔවුන්ව දැනුවත් කිරීම පමණි. මක්නිසාද යත් ජිනතාව රකින්න සිටින ආයතනවල නිලධාරීන් සහ රට රකින්න හා හදන්න ආපු දේශපාලකයන් ව්‍යාපාරික මාෆියාවේ අනිත් සගයන් දෙදෙනාය. ඔවුන් ව්‍යාපාරිකයන්ගේ මුදලට යටවී යැයි කීම මුලාවක් පමණක් නොව ඔවුනට කරන අගෞරවයකි. ඔවුන් මෙම මාෆියාවේ හවුල්කරුවන් (partners) වේ.

ජිනතාව පරිභෝජිනය කරන ආහාරවල සුරක්‍ෂිතතාවය රකින ආයතන කිහිපයක් ඇත.

1. සෞඛ්‍ය අමාත්‍යාංශය

2. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය

3. පාරිභෝගික අධිකාරිය

4. පොල්තෙල් සම්බන්ධව ශ‍්‍රී ලංකා පොල්

සංවර්ධන මණ්ඩලය

5. ශ‍්‍රී ලංකා පොලිසිය

මේ ආයතනවලට එම රාජිකාරි කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් කාර්යාල යාන වාහන පඩිනඩි සපයා ඇත. ඔවුන්ට නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා

1. දණ්ඩ නීති සංග‍්‍රහය

2. පාරිභෝගික ආරක්‍ෂණ පනත

මගින් අවශ්‍ය නීතිමය බලතල ලබාදී ඇත. නමුත් අද මේ කිසිවක් සිදු නොවේ. අහිංසකයන් කීපදෙනෙක් අල්ලා මාධ්‍ය සංදර්ශන දමන මෙම ආයතනවල සමහර නිලධාරීන්ගේ වත්කම් පරීක්‍ෂා කළහොත් නිලධාරී මාෆියාවේ කෙරුවාව හෙළි වනු නොඅනුමානය. රාජ්‍ය යාන්ත‍්‍රණය යොදාගෙන ඉහත ව්‍යාපාරික ප‍්‍රජාවට වස විස ආහාර ගෙන ඒමටත්, බෙදා හැරීමටත් අවශ්‍ය පහසුකම් ලැබෙන ආකාරය ඔවුන්ව රක්‍ෂිත ආකාරය පසුගිය දිනවල මාධ්‍ය තුළින් ප‍්‍රමිති ආතනයයේ ප‍්‍රධානියා කළ ප‍්‍රකාශවලින් ගම්‍ය වේ. ඔය එක් සිද්ධියක් පමණි. මේ කටයුත්ත නිලධාරී ජාලයක් මගින් සිදුකරනු ලබන කටයුත්තකි. මේ ආයතනවල සිටින පිරිසිදු නිලධාරීන් ආරම්භ කර පැත්තකට තල්ලූ කර දුෂ්ටයන් කිහිපදෙනෙක් විසින් කරන මේ කටයුත්ත පහසුවෙන් නතර කළ හැක.

එවැන දෑ නතර නොවීමට හේතුවක් ඇත. ඇතැම් දේශපාලකයින්ගේ පැවැත්මට, දේශපාලන කටයුතුවලට හා පවුලේ හා පෞද්ගලික සැප විවරණය සඳහා වියදම් දැරීම සිදු කරනුයේ ඉහත ව්‍යාපාරිකයින්ය. ඒනිසා මේ ස්වල්ප වූ දේශපාලකයින් ඉහත නිලධාරීන්ව අවශ්‍ය තැන්වල ඉහළම පුටුවල ඉන්දවයි. එතැන් සිට දේශපාලකයින් නිලධාරීනට රකියි. නිලධාරීන් ව්‍යාපාරිකයින්ට රකියි. ව්‍යාපාරකයින් දේශපාලකයින්ව රකියි. මේ තුන් කට්ටුව රටට වස කවන මාෆියාවයි. තුන්කොන් මාෆියාවයි.

අමතක නොකළ යුතු බැහැර නොකළ යුතු කරුණකින් ලිපිය අවසන් කළ යුතුය. එනම් ඉහත පිරිස ඉතාම සුලූතරයකි. ජිනතා බලග්ගය එකතු වී රටට හිතැති දේශපාලකයින්, නිලධාරීන්ට අවශ්‍ය තල්ලූව දුනනොත් මේ මාෆියාව පැරදවීම ඉතාම සුළු දෙයකි. එමනිසා මොවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට අප බලකළ යුතුය. වසවිස නැති කෑම කෑමට ඇති අයිතිය වෙනුවෙන් අප සටන් කළ යුතුය. මෙය දිනන සටනකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More