දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ලබන ජූලි මාසයේදී පාර්ලිමේන්තු යනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු අසුන සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යා යුතු බවට මේ වන විට පක්ෂය ඒකමතික තීරණයක් ගෙන තිබෙන බවද එජාප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ නව වසරේ ගාල්ල එජාප කාර්යාලයේ වැඩ ඇරඹීමේ උත්සවයට සහභාගී වෙමිනි.

රටට නිදහස ලැබීමෙන් පසු ඉපිද පස් වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා තරම් පාර්ලිමේන්තු යාමට සුදුස්සෙක් තවත් නැතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ හැම අවස්ථාවකදීම රටට කිසිම හානියක් නොකළ ඉතිහාසයක් තිබෙන බව කී අබේවර්ධන මහතා වර්තමාන ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා බව සඳහන් කළේය.
(ලංකාදීප)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More