ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මති ඇමතිවරැන්ම තීරණයක් ගෙන දැනුම් දෙන ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂය වැඩි කාලයක් ජාතික ආණ්ඩුවේ රැදීසිටීම දේශපාලනමය වශයෙන් යම් අවාසියක් සිදුවිය හැකිබවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වුයේ ජනාධිපති නිල නිවසේදීය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...