දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටින්නේ වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා බව සඳහන් කරයි.

එහිදී ඔහුගේ ප්‍රකාශය පුවත් පත වාර්තා කර තිබුණේ,
‘මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා‍. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ‍ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා.” යනුවෙනි.

කෙසේ වුවද ජාතික සංවිධාන සහ වෙනත් පාරිභෝගික අයිතීන් සුරකින සංවිධාන පවසා සිටින්නේ මෙලෙස පිළිකාකාරක ද්‍රව්‍යය අඩංගු ආහාර ද්‍රව්‍යය වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ බහු ජාතික සමාගම් වලට අයත් ආහාර නිෂ්පාදන සමාගම් බවයි.

කෙසේ වුවද තිරිඟු පිටි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යය නිෂ්පාදනය කරන දේශීය ව්‍යවසායකයන් අමු ද්‍රව්‍යය ලෙස පාම් තෙල් සහ වෙනත් දෑ ලබාගන්නේ බහුජාතික සහ වෙනත් මහා පරිමාණ ආනයනික සමාගම් වලින් බැවින් ඔවුන්ගේ නිෂ්පාදන තුළද පිළිකා කාරක අඩංගු වීමට බොහෝ ඉඩකඩ ඇති බව වෛද්‍යවරු මත ඉදිරිපත් කරති.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More