දේශීය පුවත්

සිංහල – බෞද්ධ සහ දෙමළ – හින්දු ජන කොටස් පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම ඒකාත්මික කෙරෙන තවත් ජාතික අලුත් අවුරුද්දක් අදට (14) යෙදී තිබේ. ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් ගෙවී ගිය වසරේ ජාතියක් ලෙස අපට අපගේ ශිෂ්ටාචාරගත උරුමයන් සිහිපත් කර දෙන ඒ මහා සංස්කෘතික උළෙලේ අසිරිය විඳ ගත නොහැකි විය. 2019 වසරේ ලැබුවාවූ ජාතික අලුත් අවුරුද්ද ගෙන ආ ප්‍රබෝධය උදුරා ගනු ලැබූයේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විසිනි. ලොවටම ආදර්ශයක් වෙමින් කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කිරීමට හැකිවීම හේතුවෙන් වසර කිහිපයකට පසුව අපට ජාතියක් ලෙස අවුරුදු උළෙලක අසිරිය විඳ ගැනීමේ භාග්‍යය උදා වී තිබේ.

අප ඉදිරියේ මේ වසරේ රටක් ලෙස ඇත්තේ අභියෝග රැසකි. එක් පසෙකින් ජාතියට ඉස්ලාම් අන්තවාදය විසින් එල්ල කොට ඇති අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ. අප රජයක් ලෙස කටයුතු කරමින් සිටින්නේ ජාතියට කවර ආකාරයකවත් මර බියක්, ත්‍රස්තවාදයක් ඇති නොවන ලෙස අවශ්‍ය පියවර ගනිමිනි. දේශයේ දූ පුතුන් රැකියා වියුක්තියෙන් මුදවා ගනිමින් උපාධිධාරීන් පමණක් නොව අවම අධ්‍යාපන සුදුසුකම් සහිත වූවන් ද ඇතුළු ලක්ෂ එකහමාරක පමණ පිරිස රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ ද මේ වසරේ ය. ඒ තුළින් රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් කඩිනම් ග්‍රාමීය සංවර්ධනයක් අපේක්ෂා කළ හැකිය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි රටට සතුරු ගිවිසුම් අවලංගු කරමින් ද ජිනීවා මානව හිමිකම් උගුලට පය නොතබමින් ද යන අපේ රජය මේ රටේ ස්වෛරීත්වය තහවුරු කර දෙමින් සිටියි. නමුත් මෙවැනි සාර්ථක ගමනක් යමින් සිටින විට දෙස් විදෙස් කුමන්ත්‍රණකාරී බලවේග එම ගමන අනෙක්පසට හැරවීමේ උත්සාහයක නිරතව සිටියි.

“රටේ සම්පත් විකිණීම, රාජ්‍ය නායකයාගේ නාස්තිය” ආදී චෝදනා නොමැති ආණ්ඩුවක් බිහිව ඇති මොහොතක බංකොලොත් බලවේග, ආනයනික පොල්තෙල්වල පිළිකාකාරක සංයෝග ඇති බව ආණ්ඩුව විසින් මැදිහත්වී හඳුනාගත් පසුව හැසිරෙන්නේ මෙම උත්සව සමයේ “කැවුම් – කොකිස්” බැඳීම පිළිබඳ ඉමහත් භීතිකාවක් මවමිනි. මේ බංකොලොත්, රටට එරෙහි බලවේගවලට ආණ්ඩුවට එරෙහිව අවි අමෝරා ගැනීමට ප්‍රබල මාතෘකා නොමැති පැයක ඔවුන් දුබල මාතෘකා අල්ලාගෙන විකාරරූපී රංගනයන්හි යෙදෙන බව ද මේ මොහොතේ රටට හිතැති සියලුදෙනාට සිහිපත් කළ යුතුව ඇත.

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් ජාතියක් ලෙස අපට ඇති බවත් එහි අඩුපාඩු නැති කොට වඩා සවිමත්ව ඉදිරියට යාමේ වගකීම රජයක් ලෙස අප සතු බවත් ජාතියට සිහිපත් කරන අතර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස “මේඩ් ඉන් ශ්‍රී ලංකා” සන්නාමය බලගන්වන්නේ ද ඉහත ගමන අර්ථාන්විත සහ බලසම්පන්න කිරීමට බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

සැමට සුබ ජාතික අලුත් අවුරුද්දක් වේවා!

විමල් වීරවංශ (පා.ම),
කර්මාන්ත අමාත්‍ය,
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2021-04-14



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More