කොවිඩ් – 19 ආරම්භයේ සිටම එම එන්නත් පිළිබඳව ලොව කතාබහට ලක්වූ එම එන්නත් තුළ ඇති මයික්‍රො චිපයක් ශරීරගත කර ඒ හරහා එන්නත ශරීරගත කරන ඕනෑම පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ “සජීවී සන්නිවේදන මාර්ගගත කූටෝපක්‍රම න්‍යාය” (Online Conspiracy Theories) පිළිබඳ කතිකාවත නැවත පණගන්වමින් පෙන්ටගනය වෙනුවෙන් වැඩ කරන වෛද්‍ය පර්යේෂකයින් විසින් එවැනි මයික්‍රො චිපයක් නිපදවා ඇති බව පෙන්ටගන් වාර්තා නිවේදනය කර සිටී.
පසුගිය වසරේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දුන් තියඩෝර් රූස්වෙල්ට් නෞකාවේ නාවිකයින් 1,200කට කොවිඩ් – 19 ආසාදිත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෝවන රෝග පිළිබඳ සර්වාංග රෝග වෛද්‍ය විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකු වන මැට් හෙප්බර්න් (Retired Army Col. Dr. Matt Hepburn) සඳහන් කරන්නේ එන්නත හරහා හම යටට කාවද්දන මයික්‍රො චිපයක් මගින් පුද්ගලයෙකුගේ වෛරස් ආසාදනය වීමේ දත්ත සජීවී සන්නිවේදන මාර්ගගත ක්‍රමය මගින් ලබාගත හැකි ක්‍රමවේදයක් පෙන්ටගනයට අනුබද්ධිත ආරක්ෂක පර්යේෂණ ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ ඒජන්සිය [Defense Advanced Research Projects Agency (DARPA)] විසින් වැඩිදියුණු කර ඇති බවයි.
එන්නත හරහා පුද්ගලයෙකුගේ හම යටට කාවද්දන ඉතා සියුම් මස් වැදැල්ලක් වැනි කොල පැහැති මෙම චිපය මගින් වෛරසය ආසාදනය වීමට ආසන්න තත්වයකදී ශරීරයේ සිදුවන රසායනික විපර්යාසයන් පවා කල් තබා දැනුම් දෙන බව හෙප් බර්න් පවසයි.
කෙසේ වුවද බිල් ගේට්ස්ගේ 24 හැවිරිදි දියණිය වන ජෙනිෆර් ගේට්ස් මෙම වසරේ පෙබරවාරි 14 වන දින තමන් කොවිඩ් -19 එන්නත ලබාගත් බවත් එහි මයික්‍රෝ චිපයක් අඩංගු නොවන බවටත් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයම මහත් ආන්දෝලනයකට ලක්වී තිබුණ අතර සමහර පුද්ගලයින් එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රශ්ණ කර තිබුණේ ඔබ ඔතරම් ඉක්මනට වැට පැනීමට හදිසි වූයේ මන්ද? යන්නයි.
Jennnifer Gates, Bill's daughter, received a COVID-19 vaccine shot. She claimed it didn't come with a microchip.
But that's exactly what someone who had been microchipped would say. https://t.co/jF8kWiWWZ3— Pitt Griffin (@pittgriffin) February 14, 2021
Why is healthy 24-year-old Jennifer Gates jumping the line to get the vaccination when older at-risk Americans can't get an appointment? You may not have inherited your father's genius as you claim, but you certainly have his sense of entitlement.
— BeaglesForTrump (@nice1959) February 14, 2021
මේ අතර ටෙස්ලා විදුළි මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ඊලෝන් මාස්ක්; ආබාධිත පුද්ගලයෙකුගේ මොළය තුළ අන්තර්ගත කරණ චිපයක් මගින් රියදුරන් රහිතව මෝටර් රථයක් ධාවනය කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයක් තම සමාගම මගින් වැඩිදියුණු කර ඇති බව දැනට වසර දෙකකට පෙර පවසා තිබුණි.
සාමුහික එන්නත්කරණයන් මගින් විවිධ ක්‍රමෝපායන්ට අනුව වැඩි දියුණු කරණු ලබන මෙවැනි චිපයන් ශරීරගත කිරීම තුළින් සමස්ථ මානව සංහතියේම පෞද්ගලික තොරතුරු තම අදිසි හස්තයන්ගේ දත්ත ගබඩා තුළට ලබාගෙන එම හස්තයන් අතින් පාළනය කරණු ලබන රොබෝවන් බවට පත් කර ගැනීමේ අනතුරුදායක තත්වයක් මෙන්ම තමනට අනතුරුදායක වන බවට හැඟෙන එවැනි රොබෝ මිනිසුන් ඕනෑම මොහොතක විනාශ කිරීමේ අධිකාරී බළයක් එම අදිසි බළවේග අතට පත්වීමේ දැඩි අනතුරුදායක අවදානමක් මෙම සමස්ථ තාක්ෂණික ක්‍රියාවලීන් හරහා ගොඩ නැගෙන බැවින් මේ පිළිබඳව රටේ පාළකයින් මෙන්ම සැළසුම් සම්පාදන නිළධාරීන් ද දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතුව ඇතැයි මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනීමක් ඇති විද්වතුන් රාශියක් ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දැක්වමින් ප්‍රකාශ කර සිටියේය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...