2011 වසරේ මාර්තු මස සුනාමි ආපදාවට ලක්වීමෙන් පසු විකිරණශීලී මූල ද්‍රව්‍ය සහ විකිරණශීලී මූල ද්‍රව්‍ය අඩංගු ජලය මුහුදට එක්වූ බවට ලොව මහත් ආන්දෝලනයක් ඇතිවූ පුකුෂිමා න්‍යෂ්ඨික බළාගාරයේ “විකිරණශීලී අප ජලය” තව වසර දෙකකදී මුහුදට මුදා හරින බවට; “පළමුව ආරක්ෂාව” යන තේමාව යටතේ කටයුතු කළ යුතු බවට ලොවට ප්‍රකාශ කරණ ජපානයේ අගමැති යොෂිහිදේ සුගා අද (13) දින උදෑසන නිවේදනය කර සිටීමත් සමග දැනටමත් චීනය සහ දකුණු කොරියාව එයට විරෝධය ප්‍රකාශ කර ඇත.
කෙසේ වුවද ජපාන අගමැති මේ පිළිබඳව මින් පෙර ප්‍රකාශ කර තිබුණේ එය නොවැළැක්විය හැකි කරුණක් බවයි.
එයට ප්‍රතිචාර දක්වමින් චීනය අනතුරු අඟවා තිබුණේ ජපානය තම ජාත්‍යන්තර පාරිසරික වගකීම් ඉටු කළ යුතු බවත් ජාත්‍යන්තර ප්‍රජාව මේ පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත්ය.
ජපානයට ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියාව ප්‍රකාශ කර තිබුණේ එමගින් අසල්වැසි රටවල පාරිසරික ගැටළු ඇතිවී එම රටවල ජන ජීවිතයට බළපාන සෞඛ්‍ය ගැටළු උද්ගත වන බැවින් අසල්වැසි රටවල් සමග සම්මුතියකින් තොරව ජපානය එය සිදු නොකළ යුතු බවත් ජපානය එසේ කටයුතු නොකරන්නේ නම් එය පිළිගත නොහැකි බවත්ය.
එමෙන්ම ජපාන ධීවරයින් මෙන්ම පරිසරවේදීන් ද මෙම ක්‍රියාවට එරෙහිව ක්‍රියාකිරීම දැනටමත් අරඹා තිබේ.
පුකුෂිමා න්‍යෂ්ඨික බළාගාර සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු කරණ සමාගම පවසන්නේ දැනටමත් මෙම අප ජලය මෙට්‍රික් ටොන් 1,250,000ක් අප ජල ටැංකිවල පිරී ඇති බවත් 2022 වසරේ මුළ සිට අප ජලය ගබඩා කිරීමට ගබඩා පහසුකම් සංකීර්ණය තුළ නොමැති බවත්ය.

කෙසේ වුවද ජාත්‍යන්තර න්‍යෂ්ඨික බළ ඒජන්සිය මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වා නොමැති බවත් පසුගිය මස ජපාන කර්මාන්ත ඇමති හිරොෂි කජියාමා ජාත්‍යන්තර න්‍යෂ්ඨික බළ ඒජන්සියේ අධ්‍යක්ෂ ජෙනරාල් රෆායෙල් ග්‍රොස්සි සමග දුරස්ථ මාර්ගගත සන්නිවේදන ක්‍රමය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී ගැටළුව පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක් සිදුකර එය ලොවට විවෘතව ප්‍රකාශ කරන ලෙස රෆායල්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව එරට මයිනිචි ෂින්බුන් පුවත්පත වාර්තා කරයි.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/520856-fukushima-contaminated-water-release/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...