ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු කැවිලි පෙවිලි රැගෙන තංගල්ල කාල්ටන් නිවසට අද (13) උදෑසන ම නෑගම් ආහ. මම අපේ මන්ත්‍රී පිරිස ඉතා සුහද ලෙස පිළිගත්තෙමි.
මා ඇතුළු පවුලේ සැමට උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිස මෙලෙස කාල්ටන් නිවසට පැමිණ සිටියහ.
සිංහල සිරිතට මුල්තැන දෙමින් අලුත් අවුරුදු උදාව කවදත් පවුලේ නෑ හිත මිතුරන් සහ ගම් වැසියන් සමඟ අපේ ගමේ නිවසේ සිට සැමරීම මා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සිරිත ය.
නෑගම් පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහද කතා බහක නිරත වූ මම මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට මෙන්ම සමස්ත රට වැසියන්ටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළෙමි.
රාජ්‍ය අමාත්‍යවරු වන සුසිල් ප්‍රේමජයන්ත, ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...